අඛණ්ඩව ජලය සැපයීමට නියඟයෙන් බාධා!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි  ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, මේ තත්ත්වය මතුවී ඇත්තේ දෛනික ජල සැපයුම ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බවයි.

ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීම හෝ සීමා කිරීමට මෙනිසා සිදුව ඇති බව මණ්ඩලය කියයි.