පුනරුදය ගෝත්‍රිකත්වයක් කරා යයිද ?

Date:

මේ වෛරල් වෙන වීඩියෝව දැනටමත් කවුරුත් දන්න එකක්.. ශිෂ්‍යයෙකුට දඬුවම් කිරීමේ නාමයෙන් මේ එළියට එන්නේ ගුරුවරයාගේ විකෘති පරපීඩක රෝගී තත්වයකි.. මෙවන් අපයෝජනයන්ට ගොදුරුවෙන්නන් තුලින් රටට දායාදවන්නේ කොඳු බිඳුනු අන්ත වහල් අනාගත පරපුරකි..

ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට පහර දීමද වැරදි ක්‍රියාවක් උවද එය වෙනම තලයක පවතින දෙයකි.. ශිෂ්‍යයකු දනගස්සවා ශිෂ්‍යාවක ලවා ඔහුට පහර දීමට අණ කිරීම අන්ත ගෝත්‍ර ක්‍රියාවකි. ඒ තුලින් ශිෂ්‍යයාගේ ආත්මය සුනුවිසුනු කර දැමෙන අතර සමාජය නරුමත්වයක් කරා ඇදගෙන යයි..

88 – 89 වකවානුවේදී අත් අඩංගුවට පත්වී හමුදා වදකාගාරවලට කොටුවූ අපේ සගයන්ටද මේ සමාන ඉරණමට මුහුණ දීමට සිදුවී තිබින.. එක් සගයෙකුගේ අතපය බැඳ දමා ඔහුගේ සගයෙකු අතට පොල්ලක් දී අතපය බැඳ දමා සිටින සගයාට පහර දෙන ලෙස අණ කරයි..

මට මේ සිද්දිය දුටු සැනින් සිහියට ආවේ ඒ 88,89, ඉතිහාසය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...