රත්නපුර දිස්ත්‍රික් නිලවරණය කල් දැමීම පිටුපස වැරදි කළ පිරිස් ආරක්ෂා වීමේ උවමනාවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 11, (LNW)කොළඹ

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය අනපේක්ෂිත ලෙස විගණන ප්‍රමාදයක් හේතුවෙන් කල් දැමීම පිටුපස ඇත්තේ දැනට එහි බලය ඇති පිරිස නියෝජනය කරන නිලධාරීන් සහ එම නිලධාරීන්ගේ හිතවතුන් හරහා සිඳුව ඇති යම් වංචාකාරී සිඳුවීම් බවට තොරතුරු පැතිර යනවා.පවතින පරිපාලනය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්වල ආශිර්වාදය හිමි බව පෙන්නා දීමට,දැනට පරිපාලනයේ සිිටින පිරිස් උත්සාහ කළත්,නිලවරණය කල් දැමීම සිඳුව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ද නොදැනුවත්ව බව දැන ගන්නට ලැබෙනවා.


පවතින පරිපාලනයේ ඉහළ නිලධාරීන්ට එල්ල වී ඇති වංචා චෝදනා මෙන්ම ඇතැම් අය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දිස්ත්‍රික්කයේ ක්‍රිකට් පරිපාලනයට ප්‍රදේශයේ ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන භාණ්ඩ උපක්‍රමශීලීව අවභාවිතාවට ලක් වූ අවස්ථාවන් ගැන ද වාර්තා වෙනවා.පාසල්වල ප්‍රධානීන්ගේ අත්සන් වැරදියට යොදමින් ඒ ආකාරයට භාණ්ඩ ගැනීමට තැත් කළ අවස්ථා මේ වන විට නිරීක්ෂණයට ලක් වි ඇති අතර එහි ඇතැම් දේවල් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි ද ඇති බව වාර්තා වෙනවා.මෙහිදී පාසල්වල ප්‍රධානීන් හෝ ක්‍රීඩා ප්‍රධානීන් ද මෙම අයථා ගණුදෙනු පිටුපස ඇද්ද යන්නත්,නැතිනම් වංචනික ලෙස ඔවුන්ගේ අත්සන් යොදාගෙන මෙම කාර්යය සිඳු කර ඇද්ද යන්නත් ශ්‍රී ලංකා ක්‍රිකට් හරහාම පරික්ෂා කරන තත්ත්වයකට ගෙන ආ යුතු බව ද ප්‍රදේශයේ ක්‍රිකට් ප්‍රේමීන් පවසනවා.


“කාංචනගේ දේශපාලනයටත් මේ නිලධාරි සම්බන්ධයි.ඔහු තියෙන තරම් සංගම් සම්මේලන ඔක්කොම අල්ලගෙන ඒවා තමන්ගේ දේශපාලනයට අත්වැලක් කරගෙනනෙ හිටියෙ.ඒ නිසා එයාට බලන්න වෙලාවක් තිබුණෙ නැහැ.තනතුරුවලට ආව එයාගෙ දේශපාලන හිතවත්තු හම්බ කරා.


රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති කාංචන ජයරත්න සම්බන්ධයෙන් අදහස් දක්වන රත්නපුර ක්‍රිකට් ප්‍රේමීන් පවසන්නේ ඒ ආකාරයටයි.එහෙත් ඔහු සොයා නොබලා අනුමත කර ඇති දේවල් අතර ඔහුට වාසියක් සිඳු වූවා ද නැද්ද යන කාරණයට වඩා ප්‍රධාන වන්නේ අනුමැතිය හිමිවීමයි.එසේ අනුමැතිය ලබා දී ඇත්නම් ඔහුට ද එම වැරදිවලින් ගැලවීමේ හැකියාවක් නොතිබෙන බව ද එම පිරිස් පෙන්වා දෙනවා.


මෙම නිලවරණය නැවත්වීම සම්බන්ධයෙන් පවතින දිස්ත්‍රික් පරිපාලනයට විරුද්ධ කොටස් නීතිය හමුවට යාමට නියමිතව ඇතත්,එයින් මාර්තු 20 පැවත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයටද යම් බාධාවක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව තව දුරටත් කරුණු විමසා බලමින් සිටින බව වාර්තා වෙනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ විරෝධයක් නැහැ.ඒ නිසා අපි තව දුරටත් ඉවසීමෙන් බලා සිටිනවා.මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුවත් කර තිබෙනවා.ඔවුන් අපේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීම ගැන කිසිඳු විරෝධයක් දක්වා නැහැ“


ඒ සම්බන්ධයෙන් පවතින පරිපාලනයට එරෙහිව මෙවර නිලවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂ කරන කණ්ඩායමේ අයෙකු අප කළ විමසීමකදී පවසා සිටියා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය