ප්‍රංශය සහ පාකිස්තානය ‘ලෙබනනය සටන් විරාම උල්ලංඝනය කිරීම්’ හෙළා දකී…

රෂිකා හෙන්නායක අප්‍රේල් 10 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෙබනනය තුළ පවතින සටන් විරාමය උල්ලංඝනය වීම පිළිබඳව පාකිස්ථානය සහ ප්‍රංශය සිය බලවත් කනස්සල්ල පළ කර ඇත.

මෙම සටන් විරාමය ලෙබනනයට ද අදාළ වන බව පවසමින් පාකිස්ථානය සහ ප්‍රංශය එක් ස්ථාවරයක පසුවන නමුත්, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එම මතය ප්‍රතික්ෂේප කරයි.

සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් ඊශ්‍රායලය එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ විශාල පිරිසක් මියගිය අතර, දෙරටේම නායකයන් අවධාරණය කරන්නේ මෙම ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පවතින මෙම මතභේදය හේතුවෙන් කලාපීය සාමය තවදුරටත් අස්ථාවර වී ඇති බවද පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සමනය කිරීමට නම් අදාළ සියලු පාර්ශවයන් එකඟතාවලට ගරු කළ යුතු බව පාකිස්ථාන සහ ප්‍රංශ විදේශ අමාත්‍යවරුන්ගේ අදහසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ...

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...