හෙට ලෝකය වර්ණ ගන්වන සිඟිති සිත්තර පැහැය

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 11, (LNW)කොළඹ

එක්සත් ජාතීන්ගේ ලෝක වනජීවි දින සැමරුම 2025 (මාර්තු 03) සමගාමීව පැවති ජාත්‍යන්තර චිත්‍ර තරගයේ වයස අවුරුදු 4 – 6 කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මුතුමුණි සවේන් දිනිරු ද සිල්වා ශිෂ්‍යයා සමත්ව තිබේ.

මෙම තරගයට රටවල් 140 කින් චිත්‍ර 3400 ක ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බව එහි ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින් නිවේදනය කෙරුණි.

සවේන් දිනිරු ශිෂ්‍යයා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ දෙවන වසර D පංතියේ සිසුවෙකි.

ඔහු මේ වන විට සිය දෙමාපියන් සමග ජපානය වෙත කෙටි කාලයක් සඳහා විදේශ ගතවි සිටියි.

23 වැනි වරට පැවැත්වෙන ජපානයේ කනගාවා චිත්‍ර තරඟයේ “ජපානයේ සියලුම පාසල් චිත්‍රකරුවන්ගේ කාණ්ඩය යටතේද විශිෂ්ඨතා සම්මානය (Grand prize) දිනා ගැනීමට සවේන් දිනිරු ශිෂ්‍යයා සමත්ව සිටියි.

මෙම කාණ්ඩය යටතේ චිත්‍ර 2318 ක් ඉදිරිපත්ව තිබුණි.

මීට අමතරව පසුගියදා කොමර්ෂල් බැංකුවේ අරුණළු චිත්‍ර තරගය 2024 විදේශ අංශයේ ප්‍රාථමික අංශයේ හොදම චිත්‍රයට හිමි ජයග්‍රහණය ලබා ගැනීමටද මුතුමුණි සවේන් දිනිරු ද සිල්වා ශිෂ්‍යයා සමත් විය.

ඔහු ජාතික පාසල් ආචාර්ය නිලුකා ධන්වන්ත්‍රී මහත්මියගේ Devain school of art හි සිසුවෙකු ලෙස මාර්ගතව චිත්‍ර කලාව ඉගෙනුම ලබමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...