අල්ජසීරාවෙන් ඇවිස්සුණු බටලන්ද පාර්ලිමේන්තුවටත් එයි!

Date:

කොළඹ LNW:බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

“අපේ රටේ දශක ගණනාවක් තිස්සේ, දකුනේ උතුරේ කඳුකරයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම් මානව හිමිකම් කඩකිරීම් ඕන තරම් වෙලා තියෙනවා, ඒ ගැන අපි දන්නවා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයයි..අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත්වුණු ආණ්ඩුවක්.
බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කළා මේ සතිය ඇතුළතදී බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ගන්න තීරණ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම් ඉන් අනතුරුව.”
යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාද පැවසුවේ ද බටලන්ද කොමිෂන් සභා වාර්තාවට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අවශ්‍යතාව අනුව පරීක්ෂණ සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බවයි.

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් නොමැති බවට අල්ජසීරා වැඩසටහනේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම වාර්තාවේ සත්‍යතාව සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවිය.

හිටපු BBC මාධ්‍යවේදිනී ෆ්‍රැන්සිස් හැරිසන් මහත්මිය අල්ජසීරා රූපවාහිනී වැඩසටහනේදී එම කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ඉදිරිපත් කරමින්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අසත්‍ය බව ප්‍රකාශ කළ අතර පසුව ඇය එම වාර්තාව අන්තර්ජාලයට නිකුත් කරමින් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන බවයි.

කෙසේවෙතත් මේ වන විට බටලන්ද වාර්තාව ගැන කතාබහ අලුත් වී තිබෙන අතර කැබිනට් බණ්ඩලය ගෙන ඇති තීරණය අනුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමක් සිදුවනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...