අරගලයෙන් දේපළ හානිවූ මැති ඇමතිවරු ගත්ත අනීතික වන්දි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Date:

කොළඹ LNW:2022 වසරේ ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත් මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවීමේ දී මහජන මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති,ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු 15 දෙනෙකු නම් කර ඇත.

පසුගිය පෙබරවාරි මස 05 වනදා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය අනුව 2022 වසරේ මැයි මස 09 වනදා අරගල සමයේ නිවාස විනාශ වූ හිටපු මැති ඇමතිවරු ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි වශයෙන් රුපියල් බිලියන 1.22 ක මුදලක් ගෙවා ඇති බවද පෙත්සම්කකරු සිය පෙත්සම මඟින් පවසා තිබේ.

ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක්ව තිබියදී එම නීතිමය සීමාව අභිබවා මෙම දේශපාලකයින්ට ඉකුත් රජය විසින් වන්දි ගෙවා තිබූ බව අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් අනාවරණය වූ බවයි පෙත්සම්කරු සඳහන් කරන්නේ.

ඒ අනුය මෙය පැහැදිලිවම රාජ්‍ය මුදල් අවභාවිතාවක් බව පෙත්සම්කරු චෝදනා කර සිටියි.

රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ වගකීම රජය වෙත පැවරී තිබෙන අතර 2022 වසරේ මැයි මස 09 වනදා එම වගකීම ඉටුකිරීමට එවක ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සහ එවක මහජන ආරක්ෂක අමාත්‍යවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් විසින් පැහැර හැර තිබෙන බවත් මේ හේතුවෙන් රට තුළ අරාජික තත්ත්වයක් උද්ගත වූ බවත් පෙත්සම්කරු සිය පෙත්සම තුළින් පෙන්වා දී ඇති අතර වග උත්තරකරුවන්ගේ එම ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම අනීතික ලෙස වන්දි මුදල් ගෙවා තිබෙන මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙසද නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු තවදුරටත් පවසන්නේ අනීතික ලෙස සිදුකළ එම වන්දි ගෙවීම් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

දේපළ හානි වූ මැති ඇමතිවරුන්ට විනිවිදභාවයකින් යුත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් හරහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...