බරපතල හිංසනයට ලක්ව ඇති අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට සාධාරණය ඉටුකරන්න – විපක්ෂ නායක

කොළඹ LNW:අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක මුහුණ දී ඇති බරපතල හිංසනයට එරෙහිව බරපතල පියවර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

කාන්තාවන්ට,වෛද්‍යවරියන්ට,වෘත්තීය ක්ෂේත්‍රයේ හා රැකියාවල නිරත කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන කාන්තා දිනයේ කතා කර උත්සව පවා පැවැත්වුවත් අවසානයේ මෙවැනි සිදුවීම් නිසා කාන්තාව අසරණ වී ඇති බවත් දියණියක් ඇති පියකු ලෙස මේ සිදුවීම් ගැන බරපතල හැගීමක් ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එවැනි මිලේච්ඡ තිරිසන් ක්‍රියා කරන අයට දැඩි දඩුවම් පැමිණවීමට අවශ්‍ය නීති සම්පාදනයට සහාය ලබා දෙන බවද හෙතෙම කියාසිටියේය.

ලංකාවේ ඇති විශාලම රෝහලක් වන අනුරාධපුර රෝහලේ දී මෙම සිදුවීමට ඇය මුහුණ දෙන්නේ රාජකාරිය කරන අතර බවත් ඇය රාජකාරියේ සිටියදී මෙවැනි දෙයක් සිදුවීම බරපතල ගැටලුවක් බවත් මෙහි දී වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව ගැන බරපතල ගැටලුවක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනුරාධපුර රෝහල තරම්වත් ආරක්ෂාවක් නැති රෝහල් සිය ගණනක් ඇති හෙයින් මින් වෛද්‍යවරියන් කම්පනයකට භීතියකට ලක්ව ඇති බවත් පසුගිය කාලයේ වෛද්‍යවරුන්ට එරෙහිව උසගැන්වීම්වලට ප්‍රකෝපකාරී සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවූ බවත් එබැවින් මෙවැනි සිදුවීම් හෙළා දැකිය යුතු බවත් ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දි විහිලු කිරීම තුළ රාජ්‍ය සේවයේ නිරත වී සිටින නිලධාරිනියන් පවා අපහසුතාවට පත්වන බවත් සැබවින්ම මෙය ජනතාවගේ ආරක්ෂාව ගැන ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...