මහේෂ් හපුගොඩ
සමහර බුකියේ ඉන්න අය පෙරටුගාමීන්ට විසිවෙනි සියවස අතහරින්න කියනව. විසිවෙනි සියවසේ වමේ පරමාදර්ශ දැන් පරණයි කියනවා. ඒ නිසා එයාලටත් මාලිමාව වගේ ‘මොඩ්’ වෙන්න කියනවා. අලුත් විදියට වැඩකරන්න කියනවා. දැන් මේ යන පාරේම යන්න ලැහැස්ති වෙන්න කියනවා.
පෙරටුගාමී අය මාලිමාකරණය කරලා එයාලට බලය දෙමු කියනවා නම් ඊට වැඩිය හොඳයිනේ මාලිමාවේ මේ වැඩපිළිවෙල එක්ක මේ කට්ටියම තියාගන්න එක. මම හිතන්නේ ඒක එතරම් වැඩක් ඇති දෙයක් නෙවෙයි අද දවසේ ප්‍රශ්නවල ස්වරූපය එක්ක ගත්තම.
කලින් ගෙනාපු පෙට්‍රල් ටික ඒ ගෙනාපු මිළටවත් තව සතියක් දෙකක් දෙන්නේ නැතුව ලෝක වෙළඳපලේ මිල ඉහල යනකොටම මෙහෙත් වැඩිකරලා ඒ පීඩනය මිනිස්සු මතට හෙලනවා නම් ඒක ජනතාවාදී ආණ්ඩුවක් කියන්න බැහැ. හැබැයි මාලිමාවේ මතවාදී කේන්ද්‍රය නැත්නම් මදය සකස්වෙලා තිබ්බේ ජනතාව කියන සාධකය මත.
මෙතෙක් කිසිම ආණ්ඩුවක් නොකරපු විදුලිබල මණ්ඩලේ කඩන වැඩේ එකෙන්ම මේ ‘ජනතාවාදී ආණ්ඩුව’ කරන්න පැනල ඉදිරිපත් උණා.
පෙනෙන විදියට මේ ජනතාවාදය ඇස්බැන්දුමක්. මම මේ ඇස්බැන්දුම ගැන මීට කලින් කියල තියනවා. මේක ඡායාරූපමය ඇස්බැන්දුමක්.
ජනතාවාදී නොවෙයි කියල පරසක්වල ගහපු ආණ්ඩු කොහොම හරි පාඩු ලබමින් හරි මිනිස්සු මතට මිල පීඩනය දාන්නේ නැතුව හිටිය. හැබැයි ජනතාවාදී ආණ්ඩුව ඒක මිනිස්සු පිටින්ම යන්න අරිනවා. මම හිතන්නේ තෙල් තොග තිබ්බ නම් IOC සිනොපෙක් කට්ටිය හොඳ ලාබයක් උපයයි.
එක අතකට තෙල් පෝලිම්වල හිටපු අය හරි තමයි. අපිටයි වැරදුණේ.
ජනතාවාදී කියල ජනාධිපති එක්ක ගැහැණු පිරිමි හුරතල් වෙන ජනතාවාදයක් නෙවෙයි දැන් ඕනි. ප්‍රතිපත්තිමය වශයෙන් විකල්පයක් ඕනි මේ තියෙන පීඩනය අවමකර ගන්න නම්…මෙහෙම යන්න බැහැ.
මිනිස්සු මතට මේ ගහෙන් ගෙඩි එනවා වගේ එන පීඩනය කොයියම් මොහොතක හරි පුපුරායනවා. එදාට ඇත්ත විකල්පයක් ඕනි.





