විදුලි සේවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
ඒ, අද (11) පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.
එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බව ද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.
විදුලි සේවකයින් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ මාර්තු 09 වනදා පස්වරුවේ සිට ය.


