රජිව් ආනන්දගේ ‘විජ්ජුලතාගේ තනේ’ කෙටිකතා සංග්‍රහය පාඨක දෝතට! (PHOTOS)

කොළඹ LNW:රජිව් ආනන්ද විසින් රචිත ”විජ්ජුලතාගේ තනේ” පොත් එළිදැක්වීම පසුගියදා සිදුවිය.

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ,මාධ්‍යවේදිනී කාවින්ද්‍යා ජයසේකර,මාධ්‍යවේදී නුවන් ගම්මන්පිල සහ කිවිවර ඩයස් කිරිආරච්චි යන අය විසින් අදහස් දැක්වීම් සිදුකරන ලදී.

මෙම කෘතිය කෙටි කතා සංග්‍රහයකි.

නිර්මාණකරුවෙකු ලෙස වේදිකාව, සිනමාව සහ පුංචි තිරය ජයගත් රජීව ආනන්ද, තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, එච්. ඩී. ඩී. ප්‍රේමරත්ත හා ධම්ම ජාගොඩ වැනි නිර්මාණ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇසුරෙහි වැඩෙමින් හා ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සමග එක්ව නිර්මාණ කටයුතුවල යෙදෙමින් තම කලා ජීවිතය සරු කර ගැනීමට වෙහෙසුණු නිහතමානී කලාකරුවෙකි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් සිංහලට පරිවර්ථනය කරන ලද බරණිය වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයා වූයේ රජීව් ආනන්ද ය. එම නාට්‍යය 1996 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලැබීය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ අනන්ත රාත්‍රිය චිත්‍රපටයේ සහය තිර රචකයා වූ රජිව් ආනන්ද ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වූ කඩදොර ඇතුළු ටෙලිනාට්‍ය ගනනාවක තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද වන රජීව්ගේ මෙම කෙටිකතා සංග්‍රහය එම ධාරාවේ ඔහුගේ ප්‍රථම උත්සාහය ද වෙයි.

ජායාරූප – හිරුශිකා අමරසිංහ