උග්‍ර ඖෂධ හිඟය පියවන්න. රජයට සම්පත් නැත්නම් අපිත් උදව් කරන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

අද වන විට අප රටේ රෝහල් පද්ධතියේ පිළිකා, හෘද රෝග, අධි රුධිර පීඩනය, වකුගඩු ආබාධ සඳහා වන අත්‍යාවශ්‍ය ඖෂධ විශාල වශයෙන් හිඟ බවත් මේ වන විට අත්‍යාවශ්‍ය ජීවිත බේරා ගන්නා උපකරණවලත් බරපතළ හිඟයක් පවතින බවත් විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක් වෙමිනි.

වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව ලෙස කටයුතු කරන කාලයේ මෙම හිඟය පියවා ගන්නා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහනින් පවා උපකාර ඉල්ලා සිටි බවත් මේ වන විට එම හි`ඟය බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවත් වැදගත් ශල්‍යකර්ම ගණනාවක් මේ හේතුවෙන් කල් දමා ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රෝග නිවාරණ ක්ෂේත්‍රයේ පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාස මට්ටමේ මව්වරුන්ට සහ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂවල, විටමින්වල ද හිඟයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් අවධානය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලෙස පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් පවසා සිටියේ යම් ඖෂධයක් හෝ උපකරණයක් හිඟ නම් ඒ සම්බන්ධ ලැයිස්තුවක් විපක්ෂයටත් ලබා දෙන ලෙසත් මැතිවරණ සමයේ “හුස්ම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධී වුවත් මැතිවරණයෙන් පසු ඒ හිඟය පියවන්න හුස්ම වැඩසටහන යටතේ කටයුතු කරන බවත් විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා එහි දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...