ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සමග ඇති සාමුහික ගිවිසුමෙන් ඉවත් වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව එම ආයතන දෙකෙහි සේවකයින්ට වසර තුනෙන් තුනට ලැබෙන 25%ක වැටුප් වැඩිවීම්, වාර්ෂික බෝනස් ඇතුළු දීමනා සහ වරප්‍රසාද මින් ඉදිරියට ක්‍රියාත්මක නොවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
RN