බ්‍රසීලයේ ඇමසන් වන විනාශය නැවතත්

Date:

බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ පරිපාලනය වසර ගණනාවක් පුරා පැතිරී ගිය ඇමසන් වන විනාශය අවසන් කිරීමට කටයුතු කරමින් සිටියදීත්, පසුගිය මාසයේ බ්‍රසීලියානු ඇමසන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් 322 (වර්ග සැතපුම් 124) වන ආවරණයක් හා දකුණින් පිහිටි ජෛව විවිධත්වයෙන් යුත් නිවර්තන සැවානා වන සෙරාඩෝහි වර්ග කිලෝමීටර 558 (වර්ග සැතපුම් 215) විනාශ වී ඇති බව චන්ද්‍රිකා නිරීක්ෂණ මගින් අනාවරණය වන බව ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ නව දත්තයන් පෙන්නුම් කර තිබේ.

ලූලාට පෙර බ්‍රසීලයේ ජනාධිපතිධූරය හෙබවූ අන්ත දක්ෂිනාංශික හිටපු හමුදා කපිතාන්වරුයකු වූ ජෙයාර් බොල්සොනාරෝගේ වසර හතරක නිල කාලය තුළ බ්‍රසීලියානු ඇමසන් වනාන්තරයේ සාමාන්‍ය වාර්ෂික වනාන්තර විනාශය පෙර දශකයට සාපේක්ෂව සියයට 75 කින් ඉහළ ගොස් තිබිණ.

දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේ දී ඇමේසන් වනාන්තරයේ කාබන් අවශෝෂණය කරන බිලියන සිය ගණනක ගස් තීරනාත්මක සාධකයක් වන හෙයින් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර ලූලා පසුගියදා ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේදී (COP27) පාරිසරික ආරක්ෂකයෙකු ලෙස බ්‍රසීලයේ ස්ථානය නැවත තහවුරු කිරීමට සහ ඇමසන් වන විනාශය බිංදුවට ගෙන ඒමට පොරොන්දු විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක වනජීවී අරමුදලේ (WWF) බ්‍රසීල කාර්යාලයේ Frederico Machado ප්‍රකාශ කර තිබුණේ පරිසර විරෝධී ප්‍රතිපත්තියක හානිය ඉතා කෙටි කාලයකින් ආපසු හැරවීම දුෂ්කර බවයි.

කෙසේ වෙතත් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් මේ වන විට නීතිවිරෝධී පතල් කැණීම් නවතා දමමින් බ්‍රසීලයේ පරිසර ආරක්ෂණ ආයතන යළි ගොඩනැගීම වෙනුවෙන් වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා අක්‍රිය වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් නැවත දියත් කිරීම සහ ඩොලර් මිලියන 580කට වැඩි මුදලක් ඇති ඇමසන් අරමුදල නැවත වරක් සක්‍රිය කිරීම මෙන්ම ප්‍රසිද්ධ පරිසරවේදිනී මරීනා සිල්වා රටේ පරිසර ඇමතිනිය ලෙස නම් කිරීම ආදී පාරිසරික විනාශය විසඳීමට ඉක්මන් පියවර කිහිපයක් ගෙන ඇත.

~ සශිකලා මධුෂාණී

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...