මහබැංකුව ඩොලර් මිලියන 500 ක් මිලදී ගනී

ඇමරිකානු ඩොලරයේ මිල සීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වූ බවත් පසුගිය දින කිහිපය තුළ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගත් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

“ජනවාරි සිට Mandatory sales සමඟින් ඩොලර් බිලියන 1 ක් පමණ මහ බැංකුවට අරගෙන තියෙනවා. පහුගිය දවස් කිහිපය තුළ මිලියන 500 ක් විතර අරගෙන තියෙනවා. අපි මේ මැදිහත් වීම නොකළා නම් මිල තවත් පහළ එන්නට ඉඩ තිබුණා” යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...