*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

අපි සිංහල නාට්‍ය වෙනස් කරමු: අද සිංහල වේදිකාව මත පුපුරන්න නියමිත අකුණ ගැන ජෙරම් ඩි සිල්වා කියන කතාව

ලයනල් වෙන්ඩ්ට් රඟහල කාර්ය බහුලය.විවිධ ආකාරයේ නාට්‍ය සම්බන්ධ අත්දැකීම් ඇති විද්‍යාර්ථීන් සහ අත්දැකීම් ඇති සියල්ල ඒ කාර්ය බහුලත්වයේ සාමාජිකයෝය.වේදිකාව මත පසුතල ලෙස LED තිර පවා ඇතිර ඇත.රූපමය වශයෙන් මනරම්ය.දෘශ්‍යමය වශයෙන් කටුක දේශපාලනික යථාර්තයක් කාව්‍යමය හැඩයකින් කියවෙමින් තිබේ.සිංහල වේදිකාවට ආගන්තුක දැවන්ත නිෂ්පාදන ව්‍යහුයක සිට දිග හැරෙන අකුණ මේ දක්වා සිංහල වේදිකාවේ තිබුණු නිෂ්පාදන පළල පුපුරුවා හරින ව්‍යායාමයක්මය.

කාර්යබහුලත්වය අතරේ මේ නව්‍ය අත්දැකීමේ මෙහෙයුම භාර නිලධාරියා ජෙරම් ඩි සිල්වා මදකට එතැනින් විතැන් කොට ගතිමි.ඒ මේ නිශ්පාදන විප්ලවය ගැන අසා දැන ගන්නටය.මාර්තු 11 සිට දින තුනක් මේ නාට්‍ය අත්දැකීම ලයනල් වෙන්ඩ්ට් රඟහල් පරිශ්‍රය තුළ රස විදීමේ අවස්ථාව ලාංකේය ප්‍රේක්ෂකයාට ඇත.

ඔබ ඉංග්‍රිසි වේදිකාව හා බැඳුණු අඩුවෙන් සිංහල වේදිකාව එක්ක සම්බන්ධ වෙන කෙනෙක්.ඇයි මේ අකුණත් එක්ක ආයෙ සිංහල වේදිකාවට එන්න හිතුවෙ.

ලයනල් වෙන්ඩ්ට් එකේ වර්ක්ෂොප් ප්ලේයර්ස් කියන ඉංග්‍රිසි නාට්‍ය වැඩ මුළුව බොහොම ප්‍රසිද්ධ එකක්.සාමාන්‍යයෙන් ඒකෙ වැඩකට ඔඩිෂන් එකක් තිබ්බත් 300 ක් විතරනම් එනවමයි.අපිත් එක්ක වැඩ කරන්නෙ වෙනම සමාජ තලයක ජීවත්වෙන වින්දනය පිණිස නාට්‍ය කරන අය.වෛද්‍යවරු,නීතිඥයො වගෙ වෙනම ආර්ථික ස්ථාවරයක් සහිත සමාජ පසුබිමක අය වින්දනය පිණිස බොහොම ගෞරවයෙන් කරන වැඩක් තමයි එතැන වෙන්නෙ.ඒවා මහා විශාල නිෂ්පාදන.ලංකාවේ වේදිකාව තුළ දකින් බැරි තරමේ විශාල වැඩ.

මං මේ වැඩවල අවසාන පුහුණුවීම් ආලෝක පුහුණුව බලන්න සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ,ශ්‍රීපාලියෙ ඒ වගේම ටවර් හෝල් එකේ,යූත් එකේ දරුවන්ට ආරාධනා කරනවා.ඒ අය එහෙම ආපු වෙලාවක කියපු දෙයක් තමයි එයාලට මේ දේ ඉගෙනගන්න වැඩක් කරන්න කියන එක.පස්සෙ මං මේක ලයනල් වෙන්ඩ්ට් එකත් එක්ක කතා කරා.රිචඩ් ද සොයිසා, ඒ වගෙම ධම්ම ජාගොඩ හරහා සිංහල වේදිකාවට ලයනල් වෙන්ඩ්ට් එක දුන්න හයිය අපි ආයෙ ඒ අයට දෙන් උත්සාහ කරමු කියලා.ඒ වෙලාවෙ දිල්රුක්ෂි රඹුක්වැල්ල ප්‍රමුඛ වෙන්ඩ්ට් එකේ සියල්ල ඒ දේ භාර ගත්තා.2019 ජූනි 19 තමයි මේ වැඩේ පටන් ගන්නෙ.ඉස්සෙල්ලම ලිට්ල් ස්ටාර් කියන කුඩා දරුවන්ට වෙන් වුණ පාඨමාලාවක් එක්ක මේ පාඨමාලාවට එනවා.

සිංහල වේදිකාව එක්ක මීට පෙර සම්බන්ධවීම් සහ මේ අතර වෙනසක් තියෙනවද?
ඇත්තටම ඔව්.මම විජිත ගුණරත්නගේ සත්‍යාංගනාවි තමයි පළමුවරට සිංහ වේදිකාවට සම්බන්ධ කරන්නෙ.එහි රංග වින්‍යාසය කරේ මම.ඒක දැක්කම මට කේමදාස මාස්ටර් මානස විල රංග වින්‍යාසය සහ මධුරා කියන චරිතය පවරනවා.ඊට පස්සෙ ධර්මසිරි බණ්ඩාරනායක මට කතා කරලා ට්‍රෝජන් කාන්තාවො එකේ රංග වින්‍යාසය කරන්න කියනවා.තුෂාන් ඩයස් ආලෝකය කරලා නිෂ්පාදන බරත් අරගෙන මම ආයෙ ආයෙත් එන්නේ නැහැ කියලා නාට්‍යයකුත් කරනවා.මේ සියල්ල ඇගයීම් ලැබුණ වැඩ වුණා.නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වුණා.හැබැයි මේ වැඩේ ඒ සියල්ලට වඩා වෙනස්.

මෙතන ඉන්නෙ විවිධ විදිහට නාට්‍ය හදාරන ඒක ජීවිතය කරගත්තු අය.මං කියනවා එයාලට නාට්‍ය කරලා හොඳ ආර්ථිකයක් හදාගන්න බැහැ කියලා.ඒත් එයාල කොච්චර දුප්පත් වුණත් අසරණ වුණත් නාට්‍යයම ජීවිතය කරගෙන එයින් ගොඩ එන්න සිහින දකින අය.ඒ අය වෙනුවෙන් මං කවරදාකවත් නොකරපු විදිහෙ මහන්සියකින් මේ නාට්‍ය පාඨමාලාව ඇතුළෙ න්‍යාය කාරණා ප්‍රායෝගිකව උගන්නන්න මහන්සි වුණා.ස්ටැනිස්ලව්සිකි,බ්‍රෙෂ්ට්,ෆොර්ම් තියටර්,පීටර් බෘක්ස්,හෝලි තියටර්,විෂුවල් කරැක්ටර් ගැන,ලබාන් ගැන මේ හැම දෙයක්ම මං එයාලට දුන්නා.

මේ නාට්‍යයට ඔබ තේමා කරගන්න දේශපාලනය ටිකක් වෙනස් නේද?
මෙතන ඉන්න තරුණ අය වෙනස් විදිහට හිතන සමාජය දකින අය.ඒ අයට සමාජය බලපෑම් ඇති කරන හැටි වෙනස්.තරුණ ප්‍රශ්න සහ කියවීම එක්ක පරිවර්ථන වැනි දේ හඹා යන්නෙ නැතුව මම තීරණය කළා ස්වතන්ත්‍ර වැඩක් කරන්න. මේ අයගේ ආත්මිය කාරණා පදනම් කරගෙන.මේ අයගෙ කතාව අදහස් තමයි නාට්‍යමය බසක් හැටියට මම ඉංග්‍රිසියට අරගෙන ඊට පස්සෙ මහේෂ් තුසිත සිංහල පිටපතට ගෙනත් වේදිකාව මත එලෙන්නෙ.

අපි මේ ගැන පිස්සුවෙන් වගේ කතා කරා.විවිධ අත්දැකීම් ගත්තා.රඟපෑවා.ඒ පිස්සුවේ පරතෙරට ගියාම අපිට හම්බ වෙනවා වඩාත්ම නිර්මාණශීලී වෙච්චි ප්‍රකාශය අකුණ කියන්නෙ ඒකට.මේ පුපුරා යාම දේශපාලනිකයි.දේශපාලනය හැම තැනම.කන බොන ඇවිදින එකේ නෙමෙයි හුස්ම ගන්න එකේ පවා.මේ ජීවිතවල දේශාපාලන දෘෂ්ඨිය වේදිකාවට ගෙන එන එක තමයි මං කරන්නෙ.ඒ අය නාට්‍ය කලාවට දක්වන අවංක ආදරය බැදීම පදනම් කරගෙන ඒක වේදිකාව මත දිග හරින්න ඒ අයට නොමිලේ උගන්නන අතරේම එයාලගෙන් ශත පහක් වැය නොවෙන්න වෙන්ඩ්ට් එක මැදිහත් වුණා.සිංහල වේදිකාවට වේදිකාවක් විතරක් වෙලා තිබුණ වෙන්ඩ්ට් එක සිංහල වේදිකාව පැත්තට ඊට වඩා බරපතල මැදිහත්වීමකට ඇවිත් තියෙනවා.ඒක සුබවාදී පියවරක්.මේ නාට්‍යය සිංහල වේදිකාවට වෙනස් ආකෘතියක් ගෙන එනවා වගේම ලයනල් වෙන්ඩ්ට් එකත් වෙනස් විදිහකට මැදිහත් කරගෙන තියෙනවා.

ඔබ මේ රංගය ඇතුළෙ විවිධ රංග උපක්‍රම භාවිතා කරනවා නේද?
ඔව් මේ අය අවුරුදු දෙකකට වැඩි කාලයක් ප්‍රැක්ටිස් කරපු දේ මේකෙදි අත්හදා බැලෙනවා.ඒක තමයි ඇත්ත කතාව.ස්ටැනීස්ලව්ස්කි,බ්‍රෙෂ්ට්,ෆෝරම් තියටර් විවිධ දේවල්.ඒ වගෙම මං කැමතිම නාට්‍ය රචකයා සහ නාට්‍යකරුවා වෙන්නෙ ශේක්ස්පියර්.එයාගෙ නාට්‍යවල ලක්ෂණත් මෙතැන තියෙනවා.ඒ වගෙම ඉබ්සන් වගෙ නාට්‍යකරුවෙක් එයාගෙ නාට්‍යවල පෙන්නපු සුවිශේෂිතා මේ නිෂ්පාදනය ඇතුළට ඇවිත් තියෙනවා.

ඒ වගෙම ඔබ තාක්ෂණය මේ නාට්‍යයට බරපතල විදිහට මුසු කරලා තියෙනවා නේද?
පැහැදිළිවම මමත් කාලයක් මේ දේවල් සමඟ එකඟතාවයක් තිබුණෙ නැහැ.හැබැයි අපි මේ ලෝකය ඩිජිටල් වෙන කොට ඒවත් එක්ක වැඩෙන්න ඕනි.ආර්ට්නම් කරන්නෙ ඒවා ආර්ට් කරගන්න හැටි අලුතින් හිතන්න වෙනවා.පැනඩමික් එකත් එක්ක ඩිජිටල් අවශ්‍යයතායන් තවත් පුළුල් වුණා.
මේක වියදම් කරන්න පුළුවන් නිසා කරන වැඩක් නෙමෙයි.පහසුවත් එක හේතුවක්.මේකට සම්බන්ධ සියල්ලන්ගේ ජීවිතය නාට්‍යය එක්කම බැදිලා තියෙන්නෙ.ඒ නිසා මේ නාට්‍යය රටපුරා අරගෙන යන්න හිතාගෙන ඉන්නෙ.දර්ශන 42 ක් රංගයන් පහක් යටතේ මේ නාට්‍යයයේ සිද්ධවෙනවා.එහෙම වැඩකදි මේ තාක්ෂණය යොදා ගත්තම කොහේ ගියත් පහසුයි.අරගෙන යන්න පහසුව වගේම සවි කර ගැනීමේ පහසුවත් තියෙනවා.

මං අවුරුදු 52 ක් තිස්සෙ නාට්‍යය කරන්නෙ.ඒත් මං හිතන්නෙ මේ වැඩේ මගේ ජීවිතයේ අලුත් ඉපදීමක් කියලා.අලුත් පියවරක් කියලා.”අකුණ” කියන්නෙ අවුරුදු දෙකකට වැඩි කාලයක් ජීවිතයම නාට්‍ය කරගෙන හිතන තරුණ කණ්ඩායමකගෙ උපාධි ප්‍රදානෝත්සවය වගෙ.වෙනස ඉගෙනගත්ත දේ සහතිකයකින් දෙන්නෙ නැහැ.ප්‍රායෝගිකය වේදිකාවක් මතට ගොඩ වෙලා ඒ ඉදිරිපිට ඉන්න අයට රඟපාලා පෙන්නනවා.
මේක රට වටා යයි.ඒ වුණාට තරගවලට දාන්නෙ නැහැ.දැන් මම හිතන්නෙ මිනිස්සු ප්‍රේක්ෂකාගාරයට ගෙන්නන නාට්‍ය කරන්න ඕනි.ඒක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනි.හුඟ දෙනෙක් වේදිකාව හැර ගිහිං.රුපියල් 50 – 60 ක් වියදම් කරලා ඩීවීඩි එකක් බලන තත්ත්වය වෙනස් කරලා ඒකෙන් ලබන්න බැරි වින්දනයක් වේදිකා නාට්‍යයකින් අපි ලබා දෙනවනම් මිනිස්සු ආයෙ රඟහලට එයි.අපි ඒ වෙනස කරමු කියලා තමයි මං ලංකාවෙ නාට්‍ය කරන ඔක්කොගෙන්ම ඉල්ලන්නෙ.අපි සිංහල නාට්‍ය වෙනස් කරමු.!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan