කන්වර්ෂන් තෙරපි තහනම් කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

Date:

පුද්ගලයකුගේ ලිංගික දිශානතිය (Sexual Orientation) හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය (Gender Identity) ‘නිවැරදි’ මඟට යොමුකළ හැකි ය යන විශ්වාසය මත ශ්‍රී ලංකාවේ භාවිතයේ යෙදෙන අවිද්‍යාත්මක හා මනුෂ්‍යයන්ට හානිකර යැයි හඳුනාගෙන තිබෙන කන්වර්ෂන් තෙරපි (Conversion Therapy) හෙවත් පරිවර්තන චිකිත්සා නම් ව්‍යාජ මනෝචිකිත්සක ප්‍රතිකාරය තහනම් කිරීම යෝජනා කරමින් පළමු වරට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වන මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය විසිනි.

ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ ප්‍රජාව ඇතුළු සෑම පුද්ගලයකුගේ ම මානසික සෞඛ්‍යය අයිතීන් සුරක්ෂිත කිරීම පෙරදැරිකරගනිමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට මනෝවිද්‍යාව වෘත්තීමය වශයෙන් අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද කරුණු ඇතුළත් කර තිබේ.

සමලිංගිකත්වය පිළිබඳව ඉතා ද්වේශසහගත හා සාවද්‍ය කරුණු ගෙනහැර පාමින් නුවර පොලිස් ශ්‍රවණාගාරය තුළ ඉකුත් වර්ෂයේ පැවැත්වූ සම්මන්ත්‍රණයක් ද සමඟ මෙම කන්වර්ෂන් තෙරපි පිළිබඳ සංවාදය උණුසුම් වූ අතර, මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉහළතම ආයතනය වන ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists: SLCP) විසින් ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.

අදාළ සම්මන්ත්‍රණය පැවැත්වූ මනෝඋපදේශිකාවක් යැයි හඳුන්වාගත් තැනැත්තියට එරෙහිව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගොනුවී තිබේ.

ඉහත මන්ත්‍රී යෝජනාව අද (11) ප.ව. 1 – 2 අතර කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සංස්කාරක (LGBTIQ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...