*
Friday, October 18, 2024
spot_img

Latest Posts

මහ කන්නයේ, කාබනික සතුටු කඳුළු …

රජය විශේෂ වැඩපිළිවෙළක් තුළ මහ කන්නයේ ලැබුණු අස්වැන්න නෙළීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, මෙවර වී වලට රජය විශේෂ සහතික මිලක් ලබාදීමට තීරණය කර ඇත. නාඩු වී කිලෝවක් රුපියල් අනුවයි 90/= ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට රජය කටයුතු කරමින් සිටින අතර, මෙය ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලැබීම සහ ඔවුන් තව තවත් කෘෂිකර්මය වෙත නැඹුරු කිරීමටත් උනන්දු කර වීමටත් හේතුවේ.

මේ වන විට වී මිල දී ගැනීම සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත්, මීට සාපේක්ෂව මිලද ඉහළ ගොස් ඇති බවත්, ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ රජයේ මැදිහත්වීම බවත් වී අළෙවි මණ්ඩලයේ උප සභාපතිවරයා පවසා සිටි. මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් යනු, හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. මෙවර වී මෙට්‍රික් ටොන් 300,000 ක පමණ අස්වැන්නක් මිලදී ගැනීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි. වී අලෙවි මණ්ඩලය මෙහි මැදිහත් පාර්ශවය ලෙස කටයුතු කරයි.

මෙට්‍රික් ටොන් ලක්ෂ තුනහමාරකට අදාළ ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුවේ. සම්බා වී කිලෝවක් රුපියල් 92/=කට සහ කීරි සම්බා වී කිලෝව රුපියල් 95/= කට ද මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. ඊට අමතරව සෑම ගොවි මහතෙකුටම වී කිලෝවක් සඳහා රුපියල් 2/= ප්‍රවාහන වියදමක් ද ආණ්ඩුව විසින් ලබාදීමට නියමිතය.

කාබනික පොහොර යොදමින් සිදු කරනු ලබන කෘෂිකාර්මික කටයුතු ඉතාමත් සාර්ථක බවත්, බොහෝ අයට මේවායේ දුර දැක්මක් නොමැති බවත් පවසන ගොවීහු, මේ බව කොටසකට අවබෝධ වී ඇති බවත්, අවබෝධ කරනොගත් පිරිස ඉදිරියේ දී එය අවබෝධ කර ගන්නා බවත් පවසති. කාබනික පොහොර ඉදිරි කන්න වලදී සෙසු වගාවන්ට ද ආදේශ කර ගැනීමට මේ වන විට සැලසුම් කර ඇත.

කාබනික වගාවන් ගෙන් සරුසාර වී අස්වැන්නක් ලබා ගත් ගොවීන්ගේ මීළඟ අපේක්ෂාව වන්නේ එයයි. එය සමස්ත රටේම අපේක්ෂාවයි. ගොවීහු පවසන්නේ කෘෂිකාර්මික කටයුතුවලට කිසිදා එක් නොවුණු පිරිස්, අත්දැකීම් නොමැති පිරිස් එක්ව මාධ්‍ය සංදර්ශන පවත්වමින් පසුගිය කාලයේ සිදු කළ ආකාරයේ ක්‍රියාවන්ට නොරැවටී නිරන්තව අත්හදා බලමින් මහන්සිවී වැඩ කළ යුතු බවයි.

සෞභාග්‍යයේ දැක්ම ” වස විසෙන් තොර රටක ජනතාවක්..” යන පාඨය පූර්ණ කර ගැනීමට මාධ්‍ය සිය වගකීම නිසියාකාරව ඉටු කළ යුතුය. එය කාලකණ්ණි සතුටක් ලබන දේශපාලන හෙන්චයියන් ගේ අවශ්‍යතා ඉටුකරන අවකාශයක් නොවිය යුතුය. එය දීර්ඝ කාලයක සිට පවතින සෞඛ්‍යමය ගැටලු විශේෂයෙන් පිළිකා සහ වකුගඩු ආශ්‍රිත රෝගවලට සෘජු ලෙස බලපාන රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයේ ආදීනව ඊළඟ පරම්පරාව වෙත ගෙන නොයාමේ ජනාධිපතිවරයා ගේ අධිෂ්ඨානය මල්ඵල ගැන්වීමකි.

  • තිරුවණී විජේසිංහ – Facebook
    Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan