දුෂ්කර කාල ගෙවී යනු ඇත

Date:

ශ්‍රී ලංකාව 1977 සිට සීමාව ඉක්මවා ආනයන සඳහා විදේශ විනිමය වැය කර තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර සරුංගල් පවා විදේශ රටවලින් ආනයනය කළේය. අපනයන ඉක්මවා ආනයන වර්ධනය වීමෙන් වෙළෙඳ හිඟයක් මතු වෙයි. එය ආර්ථිකයට අහිතකරය. මේ වන විට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රාශියකට එක්කෝ ආනයන තහනම පනවා ඇත. නැත හොත් ආනයන සීමා කිරීමට පියවර ගෙන ඇත. මෙය වැදගත් තීරණයකි. විදේශ විනිමය හිඟයට දුන් හොඳ පිළිතුරකි. තවත් භාණ්ඩ ගණනාවකට ආනයන සීමා පැනවිය හැකිදැයි සොයා බැලීම ඉතා වැදගත්ය.

ඉන්ධන, ඖෂධ හා කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා සීමා පැනවිය නොහැකිය. පවත්නා විදේශ විනිමය සංචිත ඉන්ධන හා ඖෂධ සඳහා අවශ්‍ය‍ෙයන්ම යෙදවීමට සිදු‍ ෙව්. ඒ සමඟම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ද අවධානය යොමු කළ යුතුව තිබේ. එසේ නොවුණ හොත් කර්මාන්ත වසා දැමීමට සිදු වනු ඇත. මේ දිනවල කඩදාසි හිඟයක් පවතින අතර, එය මුද්‍රණ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මුද්‍රණ කර්මාන්තයේ යෙදෙන සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට වැඩ නැත. පවත්නා මිල ගණන්වලට කඩදාසි මිලට ගෙන මුද්‍රණ කර්මාන්තයේ යෙදීම දුෂ්කර වී ඇත. මුද්‍රණ ගාස්තු ඉහළ දැමීම ඊට විසැඳුම නොවේ. දේශීය නිෂ්පාදනය ඉහළ දමා ගැනීම ඔස්සේ යම් විසැඳුමක් ඇති කරගත හැකිය.

අපනයන ඉපැයීම්වලට වඩා ආනයන වියදම් වැඩිනම්, එහි ආර්ථික ගැටලුවක් තිබේ. ලබාගන්නා විදේශ ණය පොදු පහසුකම් වර්ධනයට පමණක් යොදාගත හොත් එහිද ගැටලුවක් තිබේ. විදේශ ණය හැම විටම ආදායම් උත්පාදනය සඳහා යොදාගත යුතුය. විදේශ ණය විශාල වශයෙන් ලබාගෙන ඒවා ජනතාවට සහන ලබාදීම සඳහා යොදා ගැනීම ද සුදුසු දෙයක් නොවේ. ජනතා සහන හොඳ දෙයක් වුව ඒ මගින් ආදායම් නිර්මාණය වන්නේ නැත. ලෙබනනය මෑතකාලයේ වැටුප් වැඩි කිරීමට විශාල ධනයක් යට කර ඇති අතර එය ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල කර තිබේ.

ඉන්ධන, ඖෂධ වැනි භාණ්ඩ හැරුණු කොට අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කළ යුතු යැයි හඬක් දිගු කාලයක සිට පවතින්නේ වුව එය සාර්ථක වී නැත. දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය කළ හැකි යැයි විශේෂඥයන් පෙන්වා දී ඇත. ඒ සඳහා අනුගමනය කළ යුතු උපායමාර්ග පවා හඳුන්වාදී ඇත. එහෙත් දේශීය අවශ්‍යතාවලින් අඩක්වත් සම්පූර්ණ කර ගැනීමට කිරි නිෂ්පාදකයන් සමත් වී නැත. මීට හේතුසාධක නිරීක්ෂණය කොට රාජ්‍ය අනුග්‍රහය සහිත නව වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා සෑම අංශයකම සහයෝගය ද ලැබිය යුතුය. දේශපාලන වශයෙන් බෙදී වෙන්වී තමන්ට වාසි සහගත ආර්ථික විවේචන ඉදිරිපත් කිරීමෙන් ගැටලුවලට විසැඳුම් ලැබෙන්නේ නැත.

ඇත්ත – Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : 2012 වසරේ ග්‍රීක රජය...

වෙලේ සුදාගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...