Thursday, March 30, 2023
spot_img

Latest Posts

පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් ජාතික පද්ධතියට ලබාගැනීමට පියවර!

අර්බුධයකින් තොරව අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීම වෙනුවෙන් අවම වශයෙන් මෙගාවොට් 1000ක ධාරිතාවයක්වත් මේ වසර ඇතුළත පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික පද්ධතියට ලබාගැනිමට කඩිනම් පියවර ගන්න බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ රු.මිලියන 1075ක මූල්‍ය ප්‍රතිපාදන මත රත්නපුර ශික්ෂණ රෝහලේ ඉදිවන හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් කටයුතු අද (11) දින පෙරවරුවේ ආරම්භ කරමිනි.

තමන් 2014දී විදුලි බල ඇමතිව සිටි සමයේ ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 15ක ලාභ ලබන ආයතනයක් බවට පත් කළ බවයි ඇය පැවසුවේ.

“මම 2014 විදුලිබල ඇමති වෙලා උන්න කාලේ, විදුලිබල මණ්ඩලය බිලියන 15 ක ලාභ ලබන ආයතනයක් බවට පත්කළා. ඒ වගේම උතුරු නැගෙනහිර ඇතුළු මේ රටේ ජනතාවගෙන් 98%කට විදුලිය පහසුකම් ලබාදුන්නේ, සමහර ස්ථාන වලට කණූ 10ක් 15 ක් දාලා. තමන්ගෙ නිවෙස් වයරින් කරගන්න තරම් ශක්තියක් නොතිබුණ පිරිස් වලට අපි ගේත් වයරින් කරලම විදුලිය පහසුකම් ලබාදුන්නා. මේ තරම් කාර්යයක් ඉටුකරලා, විදුලි බිලත් 25% කින් අඩු කරලයි මම එදා අමාත්‍යාංශයෙන් එලියට බැස්සේ. නමුත් එදායින් පස්සේ විදුලි ඉල්ලුම සපුරාගන්න අපේ ජාතික විදුලිබල පද්ධතියට එකම බලාගාරයක්වත් එක්කරලා නැහැ. අද අප මුහුණ දෙන විදුලි ගැටළු වලට ප්‍රධානතම හේතුව ඒකයි. මෙම ගැටලු වලින් මිදිලා රටේ ජනතාවට අර්බුධයකින් තොරව අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදීම වෙනුවෙන් අවම වශයෙන් මෙගාවොට් 1000ක ධාරිතාවයක්වත් මේ වසර ඇතුළත පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික පද්ධතියට ලබාගැනිමට කඩිනම් පියවර ගන්නවා”

මෙගාවොට් 900ක ධාරිතාවයකින් යුත් සාම්පූර් බලාගාරය හැදීමට ඉන්දියානු රජයත් සමගින් සාමූහිකව සියලුම කටයුතු ඉටු කර ටෙන්ඩර් පත්‍රිකාවත් සැකසූ නමුත් එය ක්‍රියාත්මක නොවූ අතර අද වර්ෂාපතනය හොඳින් ලැබෙන වෙලාවට හැර, රටේ අවශ්‍යතාවය සපුරාලන්න විදුලිය නිෂ්පාදනය නොවන බවයි අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

”මෙය විශාල ගැටළුවක්. මෙම ගැටළුව විසදන්න,ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා, පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට. අද මේ අමාත්‍යාංශය භාර දීලා තිබෙන්නේ විදුලිබල අර්බුධයක් සමගින්. මෙම අර්බුධයත් ජයගන්න ඇපකැවී කටයුතු කරනවා “යැයි ඇය වැඩිදුරටත් පවසන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.