*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ජනතාවනි, ඉන්ටවල් ඉවරයි. දැන් ඉතින් ඔළුවෙන් හිටගන්න !

ඇම්ඩන් මරණින් පසු අපායට ගියේය. එහිදී ඔහුට විශේෂ වරයක් ලැබිණි. ඒ, තමන්ට ලැබෙන දඬුවම තෝරාගැනීමටයි. ඒ අනුව යමපල්ලන් විසින් ඔහුව අපායෙහි නිරීක්ෂණ චාරිකාවකට රැගෙන යනු ලැබූ අතර විවිධාකාර බිහිසුණු දඬුවම් ඔහුට දැකගන්නට විය. තැනක වරදකරුවන්ට ලෝදිය පොවයි, තවත් තැනෙක කටු ඉඹුලේ නංවයි. මේ අති භයානක දඬුවම් නරඹමින් යන අතරේ එක් තැනක ඔහු දුටුවේ අශූචි වලක ගැට්ටෙහි ඉඳගෙන සිටි පුද්ගලයෙකු බීඩියක් බොමින් සිටින ආකාරයයි. සෙසු දඬුවම් හා සැසඳීමේදී මෙය නම් ඉතාම පහසු එකක්යැයි සිතූ ඇම්ඩන් තමන්ටත් මේ දඬුවමම ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහුවත් අශූචි වලෙහි ගැට්ටේ ඉන්දවනු ලැබිණි. ඇම්ඩනුත් බීඩියක් ගෙන පත්තු කරගන්නට සැරසෙන විටම ඔහුට ඇසුණේ සීනු හඬකි. ඒත් සමගම යමපල්ලෙකු ගුගුරමින් කියුවේ “ඉන්ටවල් එක ඉවරයි, දැන් ඔළුවෙන් හිටගනිල්ලා” කියාය.

මේ, අපි කවුරුත් පාහේ අසා ඇති නූතන ජන කතාවකි. විවිධ වෙනස්කම් සහිතව වුවත් මේ කතාව බොහෝ අය අසා ඇතිවාට සැක නැත. මේ කතාව සිහිවුණේ අද (11) දවසේ රටේ පවතින තත්වය අනුව ය.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පා කරන ලෙස විපක්ෂයේ කණ්ඩායම් සහ ආණ්ඩුවේම ඇතැම් පිරිස් දිගින් දිගටම කරන ලද බලපෑම හමුවේ මීට දින කිහිපයකට පෙර එය ක්‍රියාත්මක කෙරිණි. ඊයේ දිනය වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 – 265 මට්ටමට පැමිණුනි.

ඒත් සමගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC සමාගම විසින් ඉතිහාසයෙහි දැවැන්තම ඉන්ධන මිල වැඩිකිරීම නිවේදනය කරන ලද නමුත් තවමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩිකර නොමැති නිසා කාටවත් එය ප්‍රායෝගිකව නොදැනුණි. නමුත් අද උදෑසන වනවිට පාන්පිටි කිලෝව රුපියල් 40කින් ඉහළ ගිය අතර පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ නංවන බව නිවේදනය කර තිබේ. ගෑස් මෙන්ම කිරිපිටි මිල ඉහළ නැංවීම් සූදානමින් පවතින අතර මින් ඉදිරියට දින ගණනක් තිස්සේ දකින්නට වනු ඇත්තේ පැයෙන් පැය, වරුවෙන් වරුව විවිධාකාර භාණ්ඩවල මිල ඉහළ දැමීමේ නිවේදනයන් ය.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පා වෙන්නට ඉඩ හරින්නැයි ඉල්ලා දරුණු ලෙස තර්ක කළ විපක්ෂයේ දේශපාලනඥයින්, විපක්ෂයේ ආර්ථික විශ්ලේෂකයින්, ෆේස්බුක් දාර්ශනිකයින් සහ ෆේස්බුක් ආර්ථික විශේෂඥයින් දැන් පෙනෙන්නට නැත. පෙනෙන්නට සිටින අය තමන් මීට සතියකට පෙර කියමින් සිටියේ කුමක්දැයි කියා තමන්ටත් අමතක ආකාරයෙන් හැසිරෙමින් සිටිති.

රුපියල පා කරන්නැයි මාධ්‍ය ඔස්සේ බල කෙරුණු අවස්ථාවලදී එය ප්‍රතික්ෂේප කරමින් මුදල් අමාත්‍යවරයාත්, මහබැංකු අධිපතිවරයාත්, තවත් ඉතාම සීමිත පිරිසකුත් පුන පුනා කීවේ එය කියනා තරම් පහසු නැති බවත් එසේ කළහොත් භාණ්ඩ මිල දරුණු ලෙස ඉහළ යනු ඇති බවත් ය. එහෙත් දේශපාලනික වශයෙන් කඳවුරුවලට බෙදී සිටි අපේ ජනතාව ඊට සවන් දුන්නේ නැත. ඔවුන්ට වුවමනා වූයේ විපක්ෂයේ ආර්ථික විශ්ලේෂකයින් සහ ෆේස්බුක් ආර්ථික විශේෂඥයින් කියූ පරිදි රුපියල පා කරවාගෙන භාණ්ඩ හිඟය නිම කරවා ගැනීමට ය.

මහත්වරුනි, රුපියල පා කිරීමත් සමග දැන් අපායේ ඉන්ටවල් එක ඉවර වී තිබේ. දැන් ඇත්තේ ඔළුවෙන් හිට ගැනීමට ය. එදා රුපියල පා කිරීමෙන් සකල දෝෂ නිවාරණය බව කියූ ෆේස්බුක් ආර්ථික විශේෂඥයින් කියනා තවත් සුරංගනා කතා අසාගෙන සිටිමින්ම ඔළුවෙන් හිටගැනීමට ය. ඒ ආර්ථික විශේෂඥයින් බොහෝදෙනා ඔබ අප වැනි සාමාන්‍ය රැකියා කරන අය නොව, මාසිකව ලක්ෂ ගණනින් වැටුප් ලබන හෝ ව්‍යාපාරික ආදායම් උපයන මධ්‍යම පාන්තික මහත්වරුන් ය. පාන් රාත්තල රුපියල් 30 කින් වැඩිවීම අපට මිස ඔවුන්ට දූවිල්ලක් තරමටවත් දැනෙන්නේ නැත. හරියටම කීවොත් පාන් රාත්තලක මිල හෝ හාල්මැස්සන් 250ක මිල ඔවුන් කවදාවත් දැන සිටියේවත් නැත !

මේ මොහොතේ ජනප්‍රියම රැල්ල වන්නේ ආණ්ඩුවට බැනීම මිස මේ කතා කිසිවක් නොවන බවත් ඇත්තය. විශේෂයෙන්ම අපේ ජනතාවගේ අඩුපාඩු, වැරදි ගැන කතාකිරීම කිසිම මොහොතක ජනප්‍රිය වන්නේත් නැත. මේ ප්‍රශ්න විසඳන තැනකට අපි තාමත් සිටින්නේ ගව් ගණනක් මෙහායින්ය යන්න සත්‍යය වන්නේත් ඒ නිසාම ය.

  • දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan