රුපියල අවප්‍රමාණ කළේ ඇයි – කබ්රාල්ගෙන් පිළිතුරු

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැළකිය යුතු අගයකින් අවප්‍රමාණ කිරීමට සිදු වූයේ ආර්ථිකයේ දිගුකාලීන ස්ථායීතාවය රැක ගැනීම සඳහා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මෙම තීරණය හේතුවෙන් කෙටිකාලීනව රටේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්වන නමුත් සමස්ත ආර්ථිකය පිළිබඳව සැළකීමේදී රුපියල අවප්‍රමාණය වීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද කබ්රාල් මහතා සඳහන් කරයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ ගෝලීයව බලපෑ විවිධ කාරණා හේතුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළ මහ බැංකුවට ඉතා අපහසු කාලසීමාවක් ගෙවා දැමීමට සිදු වූ බවත් එම කාලසීමාව තුළ ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන් ඉතා දුෂ්කර තත්වයකට මුහුණදීමට සිදු වූ බවත් ඔහු පෙන්වා දෙනවා. මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ඒ පිළිබඳව රටේ ජනතාව නිවැරදි අවබෝධයකින් කටයුතු කළයුතු බවයි.

පසුගිය සති කිහිපය තුළ සමස්ත ලෝකයම දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බවත් එහි ප්‍රතිඵල සෘජුවම ශ්‍රී ලංකාවට බලපාන බවත් පෙන්වා දෙන කබ්රාල් මහතා පවසන්නේ ආර්ථිකය ස්ථායීව පවත්වාගෙන යාම සඳහා මෙතෙක් භාවිතා කළ ඇතැම් මෙවලම් වෙනස් කිරීමට සිදුව ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් නම්‍යශීලී තත්වයට පත් කිරීමටත් පොළී අනුපාත ඉහළ දැමීමටත් කටයුතු කළ බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...