ඩීසල්,පෙට්‍රල්, ඩොලර් සමග උණ්ඩියල්

0
4607

රටේ උද්ධමනකාරී තත්වයක් ඇතිවී තිබේ. එය සැගවිය නොහැක. කොරෝනා වසංගතය හේතුකොටගෙන සියලු රටවල අර්බුදකාරී තත්වයන් ඇතිවූ බව අද වන විට සියලු දෙනාටම අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. කොරෝනා නිසා පලමුව හෙණහුරා පාත් වුණේ විදේශ මුදල් සංචිත වලටය. ගොඩක් රටවල් සිදුකල රැකියා කප්පාදුව නිසා ඒ රටවල් වල සේවය කල ශ්‍රීලාංකිකයන්ටද ආපසු එන්න සිදුවිය. මේදේවල් සිදුවුණේ පූර්ව දැනුම්දීමකින් නොවන වග අප විසින්ම අමතක කොට ඇත.

අප රටේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වූ පිටරට සේවයේ නියුතු ශ්‍රීලාංකිකයන්ගෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රමාණයද දැවන්ත ලෙස පහල ගිය බව අපට දැකගත හැකිවිය. පිටරට සිටිනා ලාංකිකයන් විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු ලාංකිකයන්ගේ සල්ලි අපවෙත නියමාකාරයෙන් නොලැබූ බව අපගේ අදහස වේ. එදා වේලට වැඩි ගණනක් ලබාදෙන උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීමට ඔවුන් තීරණය කිරීම මෙම අර්බුදය මෙතරම් දුරක් ආබව පැහැදිලිවම දැකගත හැක.

පිටරට මුදල් බැංකුවලට නොයවා උණ්ඩියල් ක්‍රමයට ලංකාවට එවීමෙන් පසුකාලීනව අප රටේ ඇතිවිය හැකි පහත අර්බුද ගැන ඔවුන්ම අමතක කොට ඇතිබවක් මේවනවිට පෙනෙන්නට තිබේ.
ඩොලර් ගලාඒම අඩුවෙනවිට ලංකාවේ ආර්ථික අර්බූදයක් ඇතිවෙන බව
තමන් පිටරට සිටියද තමාගේ ලංකාවේ වාහනයට තෙල් ගසන්නේ ලංකාවේ ෂෙඩ් වලින් බව
ඩොලර් හිගවීම නිසා රුපියල අවප්‍රමාණ වීමෙන් වැඩිවෙන පාන්ගෙඩිය රුපියල් 110/ ශ්‍රීලංකාවේ සිටින තම පුතා , දුවට මිලදීගැනීමට සිදුවෙන බව
තෙල් මිලදී ගැනීමට පෝලිමේ සිටින්නේ ඩුබායි ඉන්නා තමන් නොව ලංකාවේ ඉන්නා තම පුතා බව
මෙවැනි ගොඩක් දේවල් අපිට ලිවීමට හැකි නමුදු ඒවා දැන් පලක් නොවන බව
අපගේ අදහසයි. ගෙයින් ගෙට ගොස් උණ්ඩියල් ක්‍රමයට යැවීමට මුදල් එකතුකරගත් පිරිස් ගැන දැන් දැන් වාර්තා ලැබෙමින් පවතී. තමා මෙරට ඉපදුණ බව පිටරට යන බොහෝදෙනෙකුට අමතක වීම අභාග්‍යයකි. එය ඔවුන්ගේ මන්ද මානසික තත්වය බව අපට උපකල්පනය කල හැක.

කෙසේවෙතත් මේ ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ වගකීම පවතින ආණ්ඩුව වෙත පැවරී ඇති අතර එය නිසිපරිදි කලමණාකරනය කලොත් ගොඩ ඒමට අපහසුද නැති බව අපගේ අදහසයි.

වර්ජන , උද්ඝෝෂණ මෙන්ම වීදි සටන් කිරීමට පවා මිනිසුන් ඉතිරිව ඇත්තේ අප රට තුල සාර්ථක එන්නත්කරණයක් සිදුවූ නිසා බව අපගේ විශ්වාසයයි

උපුල් දේවප්‍රිය Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here