හිටපු අමාත්‍ය විමල්ගේ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

ශ්‍රී ලාංකික ජනතාවට සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බව වාර්තා වේ.

අද (17) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අතර, එහිදී අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගත්  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...