*
Monday, December 23, 2024
spot_img

Latest Posts

බලාපොරොත්තු අත්නොහරිමු

ආර්ථික දියුණුව ඉහළින්ම සටහන් කරගෙන ඇති සෑම රාජ්‍යයක්ම දුෂ්කර කාලපරිච්ඡේද පසුකොට අද පවතින තෘප්තිමත් තත්ත්වයට පැමිණ තිබේ. ජපානය, ජර්මනිය, චීනය, අමෙරිකාව ඊට හොඳ නිදසුන් ලෙස පවතී. එමෙන්ම මැලේසියාව, සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව වැනි රාජ්‍යයන් අපට නව ආදර්ශ සපයා තිබේ. බංග්ලාදේශයෙන් පවා අපට පාඩම් උගත හැකිය.

ආර්ථිකය එකවර කණපිට පෙරළිය නොහැකිය. සිදු විය යුත්තේ සෙමෙන් හා ආරක්ෂාකාරි ලෙස ආර්ථිකය අවශ්‍ය දිශාව කරා මෙහෙයවීමය. ආර්ථිකය කඩා වැටී ඇතැයි විවේචන ඉදිරිපත් කිරීම පහසුය. විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වා දීම අපහසුය.

රුසියාව හා යුක්‍රේනය අතර පවත්නා යුද්ධය නිසා ඉන්ධන හා ගෑස් පිළිබඳ නව අර්බුදයක් හටගෙන තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවලට ද එහි බලපෑමෙන් මිදීමට හැකි වන්නේ නැත. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 133 දක්වා ඉහළ නැඟ තිබේ. එය මීට පෙර පැවතියේ ඇ.ඩො. 90 හා 92 අතරය. විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට මේ අනුව තවත් පීඩනයකට මුහුණ දෙන්නට සිදු වනු ඇත. අයි. ඕ. සී. සමාගම ඩීසල් රුපියල් 75/-කින් ද පෙට්රල් රුපියල් 50/-කින් ද යළිත් වරක් මිල ඉහළ නංවා තිබේ. රජය දෙන තෙල් සහනය නිසා තෙල් සංස්ථාවේ පාඩුව ශීඝ්‍රයෙන් ඉහළ යයි. රජයට ද ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වනු ඇත.

අරපිරිමැස්මෙන් ඉන්ධන හා විදුලිය භාවිත කිරීම හැර මේ සඳහා යොදා ගත හැකි වෙනත් උපායමාර්ගයක් නැත. ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම යනු ආහාර ද්‍රව්‍යවල ද මිල ඉහළ යෑමකි. මේ අතර ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වනු ඇත. ඔපෙක් සංවිධානය පෙන්වා දෙන අන්දමට ලෝක තෙල් අර්බුදයට තාවකාලික විසඳුම් නැත. සමහර තෙල් නිෂ්පාදකයන් දෛනික තෙල් නිෂ්පාදනය පහළ දමා ඇති අතර, සමහර සමාගම් දෛනික තෙල් නිෂ්පාදනය වැඩි කර තිබේ. එහෙත් තෙල් ප්‍රවාහනය හා වෙළෙඳපොළ තත්ත්වයන් අවුල් සහගතය. ඒ අනුව ඉන්ධන මිල පහත හෙළීමක් ගැන උපකල්පන ඇති කර ගැනීම යථාර්ථවාදී නොවේ.

පවත්නා ආර්ථික අර්බුදය ගැඹුරින් විශ්ලේෂණය කරන බුද්ධිමතුන්ගේ මතය වී ඇත්තේ රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යා යුතු බවය. එය අර්බුදය සඳහා වන තාවකාලික විසඳුමක් නොවන්නේ වුව එමඟින් දිගුකාලීන විසඳුමක් සපයා ගත හැකිය. අනාගත ශ්‍රී ලංකාව ආර්ථික අතින් ශක්තිමත් කළ හැක්කේ නිෂ්පාදන ආර්ථිකයක් වෙත ගමන් කිරීමෙන් පමණි. මෙය දිගු කාලයක සිට සංවාදයට ලක් වන්නේ වුව නිෂ්පාදන ආර්ථිකයක් සඳහා නැඹුරු වන අය අඩුය. 1977 සිට අප පුරුදු වී ඇත්තේ පිටරටින් සියල්ල ආනයනය කිරීමටය. එය කොතරම් ප්‍රචලිත වී තිබුණේ ද යත්; සරුංගල් පවා ආනයනය ‍ෙකරිණි.

අපනයන දුර්වල වී ආනයන වර්ධනය වන විට ආර්ථික ගැටලු ගණනාවක් මතු වෙයි. ලෙබනනය ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇත්තේ සියල්ල පිටරටින් ගෙන්වීමට ගිය නිසා යැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. අපේ ආනයන හැකිතාක් සීමා කළ යුතුය. ඒ වෙනුවට අපනයන ක්ෂේත්‍රයට පණ දිය යුතුය.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan