යුක්රේනයේ ගෑස් පිරවුම්හල්වලට රුසියාව දැඩි බෝම්බ ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(16)දිනයේදී නැගෙනහිර යුක්රේනයේ ගෑස් පිරවුම්හල්වලට දැවැන්ත රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, කියෙව් වෙත දිගු දුර ටොමාහෝක් කෲස් මිසයිල සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ රැස්වීමක් සඳහා වොෂින්ටනයට පියාසර කිරීමත් සමඟ මෙම ප්‍රහාරය දියත් වී ඇත.

මෙම ප්‍රහාරයට රුසියාව විසින් ඩ්‍රෝන යානා 300කට වැඩි පරමානයක් මිසයිල 37ක් මෙන්ම ග්ලයිඩ් බෝම්බ ද දියත් කර තිබු අතර යුක්රේනයේ බලශක්ති ජාලය ඉලක්ක කරගත් තවත් මහා පරිමාණ බෝම්බ ප්‍රහාරයකින් චර්නිහිව්, කාර්කිව්, පොල්ටාවා, සුමි සහ විනිට්සියා ඇතුළු කලාප අටක හදිසි විදුලිය ඇනහිටීම් නිවේදනය කර තිබේ.

2022 දී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මොස්කව් සෑම ශීත කාලයකම යුක්රේන බලශක්ති යටිතල පහසුකම්වලට පහර දී ඇති අතර මේ හේතුවෙන් සෑම වසරකම කියෙව්හි හදිසි විදුලිය විසන්ධි කිරීම් පැනවීමට සහ විදේශයන්ගෙන් බලශක්තිය ආනයනය කිරීමට සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...