පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසකට ලොරියක් කඩා වදී!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW): ඊයේ රාත්‍රි 8 ට පමණ , රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ලොරි රථයක් කඩා වැදී තිබෙන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවත් , අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැති බව සඳහන් වේ.

ඔහු සිය රාජකාරී කටයුතු සඳහා නිවසෙන් පිටව ඇත්තේ අනතුර සිදුවීමට සුළු වෙලාවකට පෙර බවත් , මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බවද වාර්තා වේ. බලංගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ඇති බව පැවසේ.