රජය පළ කළ ගැසට්ටුවක් අත්හිටුවයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW): ප්‍රතිඅපනයනය සඳහා ගම්මිරිස් ඇතලු කුළු බඩු කිහිපයක් මෙරටට ආනයනය කිරීමට අවසරදීමට රජය පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පැවසේ.

රජය පසුගිය දා ගම්මිරිස්,  සාදික්කා,  වසාවාසි,  කහ,  ඉඟුරු හා කරදමුංගු ආදී මෙරට කුළු බඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසරදෙමින් ගැසට් නිවේදනය නිකුත් කළ අතර ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විරෝධය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ, මෙලෙස ප්‍රතිඅපනයනය සදහා ආනයනයට අවසර දීම තුළින් දේශීය කුළු බඩු ගොවියා අධෛර්මත් වන බවත් ඒ තුළින් කුළු බඩු නිෂ්පාදනය කඩාවැටෙන බවයි.

දැනට ලෝකයේ හොදම කුළු බඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට මෙය අහිතකර ලෙස බලපාන බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙම පැහැදිලි කිරීමෙන් පසු අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමටත් ප්‍රතිඅපනයනය සදහා කුළු බඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...