පැතුම් ආයෙ ඇවිදින්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 12, කොළඹ (LNW):ගෙවුණු ඇෆ්ගනිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම සාර්ථක වූ පිතිකරුවා බවට අවිවාදිත එහි විස්සයි විස්ස තරගවලදී ආබාධායකට ලක් වුණා.මේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුව බංගලාදේශ සංචාරයේ විස්සයි විස්ස තරගවලින් ඉවත් කර තැබීමට තීරණය කළා.එහෙත් මේ වන විට පැතුම් සෑහීමතට පත් විය හැකි තරමට සුව වී සිටින බැවින් බංගලාදේශ සංචාරයේ හෙට ඇරඹෙන එක්දින තරග සඳහා නැවත කණ්ඩායමට කැදවා තිබෙනවා.


යළිත් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ විශාල අවධානයක් දිනා සිටින බව පෙනෙන අකිල ධනංජය ද විශාල කාලයකට පසුව එක් දින සංචිතයේ දකින්නට ලැබෙනවා.විස්සයි විස්ස තරග පැවති තණතිලිවලට වඩා වෙනස් වෙනු ඇතැයි දිතය හැති චිතගොං තණතිලිවලදී ශ්‍රී ලංකාව ක්‍රීඩා පිටියේ ස්වභාවයට අනුව යොදා ගැනීමේ අපේක්ෂාවෙන් දඟ පන්දු යවන්නන් මෙන්ම වේග පන්දු යවන්නන් ද කැඳවා තිබෙනවා.නිමාව දුටු පළමු පෙළ එක්දින තරගාවලියේ දී හොඳම පන්දු යවන්නා බවට පත් වූ ලහිරු කුමාර හෙට තරගයට යොදවා ගැනීමට යම් ඉඩක් පවතිනවා.


ලහිරු මෙන්ම දස්කම් අතර සිටින ජනිත් ලියනගේ පළමු පෙළ එක්දින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙමින් සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තාන සංචාරවලදී දැක් වූ දස්කම් අතර දිගටම රැදී සිටින බව සහතික කළා.එසේම එක්දිින තරගවලදී පිටියේ හැසිරීම සළකා පන්දු යැවීමට වාසි වන අන්දරමට වෙල්ලාලගේ හෝ චාමික ද කණ්ඩායම ඇතුළට කැඳවන්නට ඉඩ තිබෙනවා.ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දසුන් ශානක ද විස්සයි විස්ස තරගවලින් පසුව කණ්ඩායමට ඇතුළත් කර නැති අතර ඒ නිසා තණතීරුවේ ස්වභාවය අනුව චාමික හෝ වෙල්ලාගේ යන ක්‍රීඩකයින් දෙදෙනාට තුන් ඉරියව් දස්කම අනුව අවස්ථාවක් හිමිවීමට තවත් අවස්ථාවක් ද තිබෙනවා.


මෙම තරගාවලියේ දි ශ්‍රී ලංකාව මෛහෙයවීම කුසල් මෙණ්ඩිස්ට පැවරී තිබෙනවා.කුසල් සිම්බාබ්වේ සංචාරයේදී මෙන්ම ඇෆ්ගනිස්ථාන සංචාරවලදී හොඳ නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කර තිනෙ නිසා මේ තරගාවලියේදී ද හොඳ දස්කම් පානු ඇතැයි සිතිය හැකිය.
මේ ඡායාරූපයේ දැක්වෙන්නේ දෙරට එක්දින නායකයින්, ජයග්‍රාහකයන්ට හිමිවීමට නියිමත කුසලානය සමග ජායාරූපකයකට පෙනී සිටි අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...

අදින් අවසන් වන GEM CITY ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: GEM CITY ජාත්‍යන්තර මැණික්...