රිලව් මදිවට මුවන්: හෝමාගම ග්‍රාමසේවා වසම් රැසක දැවැන්ත මුව ගහනයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ (LNW):

අරුණ පනාගොඩ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක 1500ත් 2500ත් අතර මුව ගහනයක් සිටින බවත්, ඔවුන් ගොවි ජනතාවගේ සියලුම දේ විනාශ කරන බවයි.

එම මුවන් සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ,

“අපේ හෝමාගම ආසනයේ ග්‍රාමසේවා වසම් 5ක 6ක මහ දැවැන්ත මුව ගහනයක් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය නිවැරදි කරන්න අපි අවුරුදු ගාණක් කටයුතු කළා. වනජීවි දෙපාර්තමේන්තුව මේ වනවිට මේ සත්තු මෙතනින් ඉවත්කරන්න ප්‍රවේශයක් අරගෙන තිබෙනවා.

එම දෙපාර්මේන්තුවත් එක්ක එකතුවෙලා ආසනයේ ඉන්න මුව ගහනය ගණනය කරන්න සමීක්ෂණයක් පටන් ගත්තා.දැනට තොරතුරු ලැබිලා තියෙනවා 1500ත් 2500ත් අතර මුව ගහනයක් හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාම සේවා වසම් 5ක 6ක ගොවි ජනතාවගේ සියලුම දේවල් විනාශ කරමින් ඉන්න බවට.   ඒ නිසා අපි තීරණය කර තිබෙනවා ඔවුන් ඉතාම ආරක්ෂිතව අල්ලගෙන සුදුසු ප්‍රදේශයකට මුදා හරින්න” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...