සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08කට ප්‍රවේශ වීමට ශ්‍රීලාංකිකයින්ටත් අවස්ථාව!

කොළඹ LNW:සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08ක් සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශ වීමේ අවස්ථාව උදා වී තිබේ.

ඒ අනුව ආහාර සේවා, සමාජ සේවා සහ ගුවන් සේවා යන අංශවල නව රැකියා ක්ෂේත්‍ර 8ක් සඳහා ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමට අවසර ලබා දෙමින් සිංගප්පූරුව සිය රැකියා බලපත්‍ර (Work Permit) ක්‍රමවේදය පුළුල් කර තිබේ.

දේශීය ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී සේවායෝජකයින් දුෂ්කරතාවන්ට මුහුණ දෙන කර්මාන්තවල පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස මෙම නව රෙගුලාසි හඳුන්වා දී ඇති අතර සිංගප්පූරුවේ මිනිස්බල අමාත්‍යාංශය (MOM) සඳහන් කරන්නේ සාම්ප්‍රදායික නොවන මූලාශ්‍ර රැකියා ලැයිස්තුව (Non-Traditional Sources Occupation List – NTS-OL) යටතේ මෙම නව රැකියා ක්ෂේත්‍ර 8 ආවරණය වන බවයි.

ඒ අනුව, සුදුසුකම් ලබන නව රැකියා ක්ෂේත්‍ර වන්නේ,

මස් සහ මාළු සැකසුම්කරුවන් හා ඒ ආශ්‍රිත ආහාර සකසන්නන් (Butchers, fishmongers and related food preparers)
ආහාර සහ පාන වර්ග අලෙවිසැල් සහායකයින් (Food and drink stall assistants)
මුළුතැන්ගෙයි සහායකයින් (Kitchen assistants)
භෝජනාගාර සේවකයින් (Waiters)
ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් (Cabin attendants)
ළදරු හා ළමා සුරැකුම්කරුවන් (Babysitters and infant caregivers)
මුල් ළමාවිය අධ්‍යාපන සහායකයින් (Educarers)
ගුරු සහායකයින් (Teacher aides)

මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රමිකයින් බඳවා ගැනීමට සුදුසුකම් ලබා ඇති රටවල් 9 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන අතර, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, ලාඕසය, මියන්මාරය, පිලිපීනය සහ තායිලන්තය සෙසු රටවල් වෙයි.

නව රෙගුලාසිවලට අනුව, මෙම රැකියා ලැයිස්තුව හරහා විදේශීය ශ්‍රමිකයින් බඳවා ගන්නා සේවායෝජකයින් විසින් අදාළ සේවකයින්ට අවම වශයෙන් සිංගප්පූරු ඩොලර් 2,000ක (S$2,000) ස්ථාවර මාසික වැටුපක් ලබා දිය යුතු වන අතර මෙම ක්‍රමය යටතේ බඳවා ගන්නා සේවකයින් සංඛ්‍යාව ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 8%ක් නොඉක්මවන බවට ද සේවායෝජකයින් වගබලා ගත යුතු වෙයි.

මෙමඟින් සිංගප්පූරුවේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම ආගන්තුක සත්කාරක, ආහාර සේවා, ළමා සුරැකුම් සහ ගුවන් සේවා යන ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා උදා වී ඇත.

කෙසේ වෙතත්, නව නීති මගින් ස්වයංක්‍රීයව රැකියා බලපත්‍ර අනුමත වීමක් හෝ රැකියා සුරක්ෂිතභාවයක් තහවුරු නොකරන අතර, සිංගප්පූරු සේවායෝජකයින් අදාළ සුදුසුකම් සපුරා අවශ්‍ය බලපත්‍ර ලබා ගත යුතු බව දැක්වෙයි.

2026 මාර්තු මාසයේදී මුල් වරට ප්‍රකාශයට පත් කෙරුණු මෙම ප්‍රතිපත්තිය පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන බව සිංගප්පූරු මිනිස්බල අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ!

කොළඹ LNW:මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි...

බොරතෙල් මිල පහත වැටුණේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුවද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව...

2026 දී මේ දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 107,000 ඉක්මවයි: මරණ 81ක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: මෙම වසරේ මේ දක්වා...