උතුරට අලුත් අත්දැකීමක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ රුපියල් මිලියන 15 ක වියදමින් වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉරට්ටපෙරියකුලම් ග්‍රාම සේවා වසමේ, යාපනය – කොළඹ මාර්ගයට මුහුණලා සංහිඳියාවේ නැවතුම සේවා මධ්‍යස්ථානය පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

යාපනය – කොළඹ මාර්ගයේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට හා රියදුරන් හට ගිමන් නිවා ගැනීම සඳහා සියළු පහසුකම් සහිතව සැලසුම්කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභීන් 14 දෙනෙකු සවිබලගැන්වීමට අපේක්ෂිතයි. ඊට අමතරව වක්‍ර ප්‍රතිලාභීන් 30 දෙනෙකුට පමණ ආදායම් අවස්තා හිමිවේ.

ප්‍රනීත ආහාර පාන, විවිධ නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ ඇතුලත් වෙළඳ කුටි, සනීපාරක්ෂක සේවා, උතුරු පළාතට ආවේණික විවිධ වූ නිෂ්පාදනයන් මිලදී ගැනීමටත්, දෙස් විදෙස් සංචාරකයින් හා රියදුරන් ඇතුළු යාපනය කොළඹ මාර්ගයේ ගමන්ගන්නා විශාල පිරිසක් සඳහා වෙහෙස මහන්සිය නිවා ගැනීම වෙනුවෙන් සේවා රැසක් මෙම මධ්‍යස්ථනය මගින් සපයනු ලැබේ.

මෙම අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එච්. උපාලි සමරසිංහ මහතා, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා, ප්‍රාදේශීය ලේකම්තුමන්, ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, වවුනියාව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිළධාරීන්, ප්‍රතිලාභීන්, ප්‍රදේශයේ මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...