වරාය වෘත්තීය සමිති නායක ගොරකානගේ බදු ප්‍රශ්නය …

Date:

මනුස්සයෙක් 120,220ක දළ වැටුපක් ගන්නවා. එයා ණය වර්ග 4ක් දැනට අරන් තියෙනවා. ඒකෙන් තුනක් වරායෙන්ම ගත්තු ණය ක්‍රමයන්

1) වරායේ මාස 10 ක්‍රමයේ ණය
2) බහු කාර්‍ය ණය
3) සමූපකාර ණය

ඔය තුන කැපුනාම එයාගෙ පඩිය එනවාලු රුපියල් 46707 බැංකුවට. ඉවර නෑ .. බැංකුවෙන් තව ලෝන් එකක් අරන් තියෙනවලු රුපියල් 49000 ක. එතකොට මෙයා අතින් තව 3000කුත් ණය වලට ගෙවන්න ඕනලු..

දැන් මෙයා කියනවා මෙයාගෙ පඩියට බද්දක් ගහන එක වැරදිලු. මාර ලොකු ගාණක් ගහනවා ඇති කියලා හිතලා ආයෙ වංගු නැතිව මෙයාගෙ පඩියට හරියටම ගහන බද්ද කීයක්ද බැලුවා..

රුපියල් 120,220 ට මෙයාට ආදායම් බද්ද හරියටම අය කරන්නෙ රුපියල් 1213.50යි. එතකොට මෙයාගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බද්දෙ කියමුකො. එතකොට මෙයාව බද්දෙන් 100% නිදහස් කරත් මෙයා ඒත් ණයයිනෙ මිත්‍රවරුනි. මෙයාට මෙයාගෙ පඩියෙන් ණය ටිකවත් ගෙවලා ඉවර කරන්න බෑ…

මාර වැඩේ තමයි වෙලා තියෙන්නෙ.. තමන්ගෙ මූල්‍ය කළමණාකරණයේ අසමත්කම මුදා හැරලා ඒක නෙමෙයි ප්‍රශ්නෙ රුපියල් 1213 ක බද්ද තමයි ප්‍රශ්නෙ කියලා පාරම් බානවා..

මේ බද්ද 100% අයින් කරේ නැත්නම් 15 වෙනිදා වරායෙ සම්පූර්ණ වැඩ කටයුතු නවත්තනවා කියලා එයා කියනවා. මේ වෘත්තිය සමිති නායකයොන්ට අපි මොකක්ද කරන්න ඕන?

Financial management ගැන උගන්නන්න ඕනද? එහෙම නැත්නම් එයාලගෙ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට සහය දෙන්න ඕනද? මේ මනුස්සයා තමයි පහුගිය දවසක වරායෙ වැඩ නවත්තලා කෝටි ගාණක පාඩුවක් වරායට කරා කියලා උදම් ඇනුවේ..

මේ පාර ඡන්දෙත් ඉල්ලන වෘත්තිය සමිති නායකයෙක්. මේ වගෙ මනුස්සයෙක් පරිපාලනයට එන්න සුදුසුද? නායකයෙක් වෙන්න සුදුසුද?

දේශපාලනය පැත්තකින් තියලා මානව කළමනාකරණය පැත්තෙන් හිතන්න..මූල්‍ය කළමණාකරණය පැත්තෙන් හිතන්න. මුන්ගෙයි ණය අරන් කකා බිබී හිර වෙනකන් මේක පාලනය කරපු රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියෙයි වෙනස මොකක්ද ?

සරළවම මෙච්චරයි. මෙයාගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බද්දෙද තමන්ගෙ මූල්‍ය කළමණාකාරණයෙද?

~ සමීර ගාල්ලගේ Facebook

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...