*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

සනත් නිශාන්ත වසර දෙකකට ඇතුළට යවන්න පුළුවන්: සමඟි තරුණ නීතීඥ බලවේගය

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ඉකුත් පෙබරවාරි 26 වන දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පාගමන මර්දනය කිරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර දියත් කිරීමට අදාළව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් තම නිල ෆේස්බුක් පිටුවේ පළ කළ පෝස්ටුවකට අදාළව ඔහු දණ්ඩ නීති සංග්‍රහය හරහා වසර දෙකකට සිරගත කළ හැකි බව සමඟි තරුණ නීතීඥ බලවේගය පවසයි.

මෙම ෆේස්බුක් පොස්ටුවේ ජල ප්‍රහාරයට ලක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ ඡායාරූපයක් ඇතුළත් වන අතර, එය පළකරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, “බැහැලා නෑවත්, ඇදගෙන නෑවත්, බේරෙ වතුර බේරෙ වතුරම තමයි” යන්නය.

මෙම පෝස්ටුවට කමෙන්ටුවක් වශයෙන් ගායක ඉරාජ් වීරරත්න මහතා ප්‍රතිචාරයක් දක්වා මෙවැන්නක් සඳහන් කර ඇත.

ඔය වතුර බවුසර් වලට ඔයාලා ඊයේ බේරේ වතුර දාලා තියෙන්නේ plan කරලා. පලාතම ගදයිලු. මේ වැඩේ plan කරලා තියෙන්නේ ඔයාලු ජල සම්පාදන රාජ්‍ය ඇමති හැටියට. Return දෙනවා කියලා ඔහොම වැඩ කරන්න එපා ඇමතිතුමා! වෛරයෙන් වෛරය නොසංසිදේ.

ඊට ප්‍රතිචාර දක්වමින් සනත් නිශාන්ත ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙවැන්නකි.

IRAJ ඔයා පුදුම කථානේ කියන්නේ රටේ සියලු බිල් වැඩිවෙලා තියෙන වෙලාවක ජෙප්පෝ නාවන්න purified water දෙන්නද කියන්නේ ? අනික හරක් නාවන්න මොකටද හොද වතුර ?

ඒ අනුව, මෙම ජල ප්‍රහාර සඳහා බේරේ වැවේ ජලය භාවිතා කිරීම චේතාන්විතව සිදුකළ එකක් බව සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය හරහා ඔහුට වසර දෙකක සිරදඬුවම් පැමිණවිය හැකි බවත් සමඟි තරුණ නීතීඥ බලවේගයේ නීතීඥ යොහාන් ආරියවංශ පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සමඟි තරුණ නීතීඥ බලවේගය විසින් අද (12) දින කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ජීවිතයට අනතුරුදායක වූ යම් රෝගයක් පැතිරවිය හැකි වූ ද, එසේ පැතිරවිය හැකි බවට තමා දන්නා වූ හෝ එලෙස විශ්වාස කිරීමට කරුණු තිබෙන්නා වූ ක්‍රියාවක් ද්වේශසහගතව සිදුකරන අයෙක් අවුරුදු දෙකක සිරදඬුවමකට යටත් කළ හැකි, දඩයකට යටත් කළ හැකි, හෝ ඒ දෙකටම යටත් කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තියේ දැක්වෙයි. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan