*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට !

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩිකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රු. 254 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 76 කින් වැඩිකර ඇති අතර එහි නව මිල රු. 283ක් වේ.

ඔටෝ ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 55කින් වන අතර එහි නව මිල රු. 176 කි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 95 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 254ක් බව සඳහන්.

පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම ද ඉන්ධන මිල වැඩිකර තිබුණු අතර ඊට සාපේක්ෂව බැලීමේදී සිපෙට්කෝ ඔටෝ ඩීසල් මිල තවදුරටත් ලංකා IOC මිලට වඩා පහළින් රඳවාගෙන ඇති බව පෙනේ. ලංකා IOC හි ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 214 කි.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/11/9838/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan