වෛද්‍ය වෘත්තියේ ආචාර ධර්ම සහ අයිතිවාසිකම් සුරැකීමට නව වෛද්‍ය සංගමයක් !

Date:

වෛද්‍ය වෘත්තියේ ආචාර ධර්ම සහ අයිතිවාසිකම් සුරැකීමේ අරමුණින් යුතුව නව වෛද්‍ය වෘත්තීය සමිතියක් පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.

දැනට මෙරට එක් වෛද්‍ය වෘත්තීය සමිතියක් විසින් සමස්ත වෛද්‍ය සේවය මත ආධිපත්‍ය පතුරුවමින් එය එක් දේශපාලන පක්ෂයක අතකොලුවක් කිරීමට ගෙනයන වෑයමට සහ එකී දේශපාලන බලය හරහා සමස්ත රටම මිත්‍යාවේ ගිල්වීමට කටයුතු කිරීමට එරෙහිව මෙම නව වෛද්‍ය සංගමය නිර්මාණය කෙරෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම වෛද්‍ය ආචාර ධර්මවල සපුරා පටහැණි වන පරිදි විවිධ මිත්‍යා මත, ඖෂධ පිළිබඳ මිත්‍යාවන්, ආහාර පිළිබඳ මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට එක් වෛද්‍ය සංගමයක් කටයුතු කිරීම සමස්තයක් ලෙස රටේ සෞඛ්‍ය පද්ධතියට බරපතළ හානිකර තත්වයක් මතු කර තිබෙන බව රහසක් නොවේ.

එමෙන්ම එම සංගමය වෛද්‍යවරුන්ට බලපාන ගැටලු, රෝහල්වල පවතින අඩුපාඩු, රෝගීන්ට සේවා සැපයීමේදී පවතින දුෂ්කරතා යනාදිය සම්බන්ධයෙන් මැදිහත් වෙමින් රටේ ජනතාවට වඩාත් ඉහළ සෞඛ්‍ය සේවාවක් සැපයීමට ක්‍රියාකාරී වනවා වෙනුවට එක් දේශපාලන පක්ෂයකට අනුබද්ධ වෘත්තීය සමිතියක් ලෙස කටයුතු කරමින් ඔවුන්ගේ දේශපාලන වුවමනා එපාකම් සංතෘප්ත කිරීම වෙනුවෙන් අනවරතයෙන් ක්‍රියාකාරී වන බවත් කාටත් පෙනෙන්නට ඇති සත්යයකි.

ඒ අනුව, මෙම තත්වයන්ට එරෙහිව රටේ සෞඛ්‍ය සේවයෙහි සැබෑ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවට ගනිමින් ඒවාට විසඳුම් සෙවීම සඳහාත්, වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු පිළිබඳව විවෘතව සාකච්ඡා කර වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම සඳහාත් මෙම නව වෛද්‍ය සංගමය ක්‍රියාකාරී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රේණිගත වෛද්‍යවරුන්, වෛද්‍ය පරිපාලකයින් සහ විශේෂඥ වෛද්‍යවරුන් යන කාණ්ඩ තුනම මෙම නව වෘත්තීය සමිතිය නියෝජනය කරන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...