එජාපයේ නවතම මෙහෙයුම: “කැමති වුනත් අකමැති වුනත්,… කැමති වෙන්න වෙන්නේ රනිල්ට..”

Date:

මීට ටික දිනකට ඉහත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ අග්‍රාමාත්‍ය නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරේ වත්මන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

මෙම කතාබහ අතරේ එක්සත් ජාතික පක්ෂයට හිතැති සමාජ මාධ්‍ය ජාලා හරහා #LIKE RANIL නම් ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.

තරුණ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ආරම්භ කර ඇති එම ව්‍යාපාරය ”කැමති වුනත් අකමැති වුනත්,… කැමති වෙන්න වෙන්නේ රනිල්ට..” යන තේමාවෙන් යුතුව පවත්වාගෙන යයි.

ඒ අනුව නව එක්සත් ජාතික පක්ෂ ව්‍යාපාරයේ ප්‍රවර්ධන වැඩසටහන ඉකුත් සිකුරාදා (11) දින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

මෙම ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන් සහ ආසන සංවිධායකවරුන්ගේ මූලිකත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාශයකම ක්‍රියාත්මක වේ.

ඡායාරූප: ද ලීඩර්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...