*
Monday, September 23, 2024
spot_img

Latest Posts

‘ජාතික ආණ්ඩු මොකටද, රාජපක්ෂලාට තනියෙන් පුළුවන්’ -අගමැති

රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බවට පැතිර යන ප්‍රචාරයන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ බව සඳහන් වන්නේ, ‘ඩේලි මිරර්’ පුවත්පතේ පලවී ඇති වාර්තාවකය.

රනිල් තමන්ගේ හොඳ යාළුවෙක් වුණත් ප්‍රතිපත්ති වෙනස් නිසා එක ආණ්ඩුවක වැඩ කරන්න අසීරු බවත් අගමැති මහින්ද පවසා ඇතැයි එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

ජාතික ආණ්ඩුවක් හැදීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර එවැනි ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් සිදුවන්නේ දැයි අගමැතිවරයා සහ මාධ්‍යවේදී කිහිපදෙනෙකු අතර අරලියගහ මන්දිරයේ මාර්තු 11 වැනිදා පැවති හමුවකදී මාධ්‍යවේදීන් විමසීමක් කර ඇත.

ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නොමැත බවත්, කිසිම පක්ෂයක් සමග ජාතික ආණ්ඩුවක් හදන්නට සාකච්ඡා නොකරන බවත්, තනියෙන්ම අර්බුදය විසඳන්න රාජපක්ෂලාට පුළුවන් බවත් අගමැතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

තනි එජාප මන්ත්‍රී අගමැති වෙන්නේ කොහොමද ?

අගමැති මහින්ද රාජපක්ෂ එසේ පැවසුවද, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අති බරපතල ආර්ථික, දේශපාලන සහ සමාජයීය අර්බුදයට විසඳුම් සොයාගත නොහැකිව අඳුරේ අතපත ගාමින් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව, අගමැති පදවිය රනිල් වික්‍රමසිංහට පැවරීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන විශ්ලේෂකයින් පවසති.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අනුදැනුම මත හදන්න යනවා යයි කියන ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය රාජිත සේනාරත්න බවත් ‘ජාතික සංවිධාන එකමුතුවේ’ වෛද්‍ය වසන්ත බණ්ඩාර ද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

එහෙත් පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ආසනයක් හිමි එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති වෙන්නේ කෙසේද ? දේශපාලන විශ්ලේෂක, නීතිඥ ශිරාල් ලක්තිලක සමග සාකච්ඡාවක් ද සමගින් ‘සරෝජ් සමග සංදේශය’ නාලිකාව සඳහා සරෝජ් පතිරණ ගෙන එන විමසුමක්, මේ. 



රනිල් කියපු කතාව

මේ අතර රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට අගමැතිකම ලැබේදැයි පාර්ලිමේන්තු ලොබියේදී ඇති වුණ සංවාදයක් ‘දිවයින’ දේශපාලන තිරය පසුපස කොලමේ වාර්තා කර ඇත්තේ මෙසේය.

”පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවකගේ ප්‍රශ්නවලට පිළිතුරු බඳින්නට සිදු විය. මුලින්ම ඔහුගෙන් මේ ප්‍රශ්න අහන්නට පටන් ගත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුය. අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගිය රනිල් වට කරගනිමින් ඔවුහු ප්‍රශ්න කරන්නට වූහ.

ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට ආණ්ඩුව කරන වැඩ ගැන ආරංචි වෙන්නේ නැද්ද? මමද දැන් ඔයාලට ආරංචි කියන්න ඕනෑ.

ඒ අතර එතැනට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණියහ.

අපටත් ආරංචි වුණා ඔය වගේ කතාවක්. එහෙම කතාවක් මේ විදියට පැතිරිලා යන්න හේතුවක් තියෙන්නත් ඕනෑ. විපක්ෂයේ තර්කය විය.

‘ඔයාලට ආරංචි වුණේ නැද්ද මටත් තනතුරක් ඒක ඇතුළේ ලැබෙනවා කියලා. මටත් ඇමතිකමක් දෙන්න යනවා කියලා ආරංචි වුණා..’ රනිල් කීවේය.

අපට නම් ආරංචි ඔබතුමාට අගමැතිකමට ආරාධනා කරනවා කියලා.

‘දන්නේ නෑ.. ඔයාලා තමයි කියන්න ඕනෑ.’ නායකයාද පිළිතුරු දුන්නේය.

‘කොහොම වුණත් ඔබතුමා හොඳ ආර්ථික දැක්මක් තියෙන අගමැති ධුරය දැරූ සෑම අවස්ථාවකදීම හොඳ ආර්ථික කළමණාකරණයක් පවත්වාගෙන ගිය කෙනෙක් කියන කාරණය රටම පිළිගන්නවා. ඒකත් මේ කතාව මෙහෙම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති.’ තවත් පසුපෙළ මන්ත්‍රීවරයෙක් කීය.

‘ජාතික ආණ්ඩුවක් හදනවාට වඩා අවුරුදු 15ක් 20ක් යන ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් හදන්නයි පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙන්න ඕනෑ..’ නායකයා කී විට සියලු දෙනාම හිස සලා එය අනුමත කළහ.’


‘රටට ජාතික ප්‍රතිපත්තියක් හදන්න සියලු පක්ෂ එක්විය යුතුයි’

රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශකර තිබිණ.

එසේ සියලු පක්ෂ එක්වී ඉදිරි වසර 20 ක් 25 ක් වෙනුවෙන් වූ පොදු ජාතික වැඩපිළිවෙලක් සම්මත කර ගනිමින්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යායුතු බව ඔහු කියා සිටියි.

හිටපු අගමැතිවරයා එම කාරනා සඳහන් කර ඇත්තේ, ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් එජාප තරුණ ක්‍රියාකාරීන් පිරිසක් විමසු අවස්ථාවේදීය.

එවැනි ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් ලැබුනහොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එම තරුණ හමුවට පැමිණ සිටි තරුණියක් විමසා සිටි අවස්ථාවේදී හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ, රට මුහුණදී සිටින බරපතල අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා එක්වී පොදු විසඳුමකට පැමිණිය යුතු බවයි.

”දැන් විපක්ෂය බෙදිලා, ආණ්ඩුව බෙදිලා, මේ විදියට තව මාස කීපයක් ගියොත් රට මුලුවනින්ම අරාජික වෙනවා. මේ ඡන්ද තිය තිය ඉන්න වෙලාවක් නෙමෙයි. ආර්ථික අර්බුදය එච්චරටම දරුණුයි. ඒ අර්බුදය විසඳා ගත්තාට පස්සෙ ජන්දයකට යන්න පුලුවන් ..” හිටපු අගමැතිවරයා පැවසු බව එම තරුණ හමුවට සහභාගී වූ තරුණියක් පැවසුවාය.

The Leader

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan