ප්‍රියන්ත කුමාර ඝාතනය: සැකකරුවන් 89 දෙනෙකුට එරෙහිව අධිචෝදනා

පකිස්තානයේ සියල්කොට් හි සිටි ශ්‍රී ලාංකික පුරවැසියකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන් 89 දෙනෙකුට එරෙහිව ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

ගුජ්රන්වාලා හි විශේෂ ත්‍රස්ත විරෝධී අධිකරණ විනිසුරු නතාෂා නසීම් ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේදී මෙම ඝාතන නඩුව විභාග කළ බව පකිස්තාන ජියෝ නිව්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම ඝාතන නඩුවේ චූදිතයන් වූ වැඩිහිටි හා බාලවයස්කාර පුද්ගලයන්ට එරෙහිව වෙනම නඩු ගොනුකර ඇති අතර, සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන වැඩිහිටි පුද්ගලයන් 80 දෙනෙකුට පළමු චෝදනා පත්‍රය ද, තවත් බාලවයස්කාර චූදිතයන් 09 දෙනෙකුට එරෙහිව දෙවෙන චෝදනා පත්‍රය ද ගොනුකර තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 40 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත් අතර, අදාළ ඝාතනයේ වීඩියෝ දර්ශන, ඩිජිටල් සාක්ෂි, ඩීඑන්ඒ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය සාක්ෂි ඇතුළත් ය.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14 දෙනෙකු හෙට (14) දිනයේ අධිකරණයට කැඳවා ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...