ජනපති අනුරගේ 2027 අයවැය කතාව අද පාර්ලිමේන්තුවට

සටහන – රුවන් නෙළුගොල්ල

2027 අයවැය යෝජනාවලිය අද (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු 01.30 ට 2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත ය.

2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 07 වනදා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

අද දිනයේදී අයවැය කතාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා පැවැත්වෙනු ඇති අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 20 වනදා පස්වරු 06.00ට සිදුකිරීමට නියමිත ය.

ඉන් අනතුරුව 2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වෙනු ඇති අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වනදා පස්වරු 06.00ට සිදුකෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් නිෂ්පාදනය පසුගිය මාස කිහිපය තුළ ඉහළම මට්ටම කරා ළඟා වූ බව OPEC සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉරාන යුද්ධයට පෙර...

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රබලයෙකු හමුදා කඳවුරක පදිංචියට යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද (12) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 12) දිනයේදී උතුරු සහ...