චිලී නව ජනාධිපති බෝරික් දිවුරුම් දෙයි

Date:

චිලී නව ජනාධිපති ලෙස ගේබ්‍රියෙල් බෝරික් පසුගියදා සිය තනතුරේ දිවුරුම් දෙන්නට විය. ඔහු චිලි හි ලාබාලතම ජනාධිපතිවරයා වේ.

දශකයකට වැඩි කාලයක් තුළ ශිෂ්‍ය විරෝධතා නායකයෙකු ලෙස එරට රාජ්‍ය නායකයා දක්වා ඔහු ආ ගමන් මග අතිශය වේගවත් වූවකි.

“රටක් ලෙස අප මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීමට අපි අපේ උපරිමය කරන බව ඔබු දැනගන්න,” එරට වල්පරයිසෝ වරාය නගරයේ පැවති දිවුරුම්දෙන උත්සවයෙදි ජනාධිපති සළුව පලඳවා ගනිමින් ඔහු පැවසීය.

නව ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වූ හිටපු අමාත්‍යවරයෙකු වන 81 හැවිරිදි ලුයිස් මයිරා පවසන්නේ, “අවුරුදු 50 තුළ චිලීට සිටි හොඳම තරුණ දේශපාලනඥයන්ගේ පරම්පරාව මෙයබවත් සැකයකින් තොරව, බෝරික් චිලී ඉතිහාසයේ නව පරිච්ඡේදයකට අපව ගෙන යන බවයි.

අසමානතාවය, දූෂණය සහ ප්‍රමාණවත් නොවන සමාජ සුබසාධනය සම්බන්ධයෙන් 2019 දී මාස ගණනක් තිස්සේ නොසන්සුන්තාවයෙන් චිලී රට උණුසුම්ව පැවතිනි. එහිදි ශිෂ්‍ය ව්‍යාපාරය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි.

චිලියේ මේ වන විට එවකට ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේගේ 1980 ප්‍රඥප්තිය වෙනුවට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වසර අගදී ජනමත විචාරණයකට යොමු කෙරේ. නව රජයට දකුණේ ප්‍රාන්තය සහ ස්වදේශික මාපුචේ අතර උග්‍ර ගැටුම් සහ උතුරේ සංක්‍රමණ අර්බුදයක් ගැන සාකච්ඡා කිරීමට ද සිදුවනු ඇත.

2011 දී, බෝරික් සහ ඔහුගේ සමකාලීනයන්, සැමට නොමිලේ, උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ඉල්ලා සිටිමින් ඔවුන්ගේ ව්‍යාපාරය සමඟින් අගනගරය සන්තියාගෝව අඩපණ කළ අතර, ඒ ඔස්සේ ඔවුන් ජාතික සමාජ පෙලගැස්මකට යොමු කරන්නට විය. ඉන් වසරකට පසුව, බෝරික් අගනුවර මධ්‍යයේ පිහිටි චිලී විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ පාලනය භාර ගත්තේය.

2013 දී, බොරික් චිලියේ දකුණු දිග කලාපය වන මැගලන්ස් නියෝජනය කරමින් චිලී කොන්ග්‍රසයට තේරී පත් විය.

බොරික් ජනාධිපතිවරනයෙන් පසු දින උදෑසන චිලියේ නව ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට ඔහුගේ දායකත්වය ප්‍රකාශයට පත් කල අතර,ඔහු ගොඩනැගීමට බලාපොරොත්තු වන ස්ත්‍රීවාදී චිලීයේ සංකේතයක් වන කාන්තා බහුතර කැබිනට් මණ්ඩලයක් පසුගිය මාසයේ නිවේදනය කලේය.

චිලි කාන්තා දේශපාලනය කැපි පෙනේ.බෝරික් වෙනුවෙන්ඉහළ කාන්තා ඡන්ද ප්‍රතිශතයක් හිමි විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...