හැමෝම කතා වෙන “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) 

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. මෙය ගාල්ල, හෝලුවාගොඩ ඉදිකර ඇත.

ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකළ “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය, පුරන් වූ කෙත් බිමක් පාරිසරික උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම 2021 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර , මෙය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පීය අදහසක් අනූව සිදු වූවකි.

අක්කර 14 කින් යුත් “සෙරින් රිවර් පාර්ක්” තුළ ළමුන්ට සුව පහසු ක්‍රීඩා කිරීමේ අංගන, ශරීර සුවතා මංතීරු , ජල ක්‍රීඩා සමඟ බෝටටු සවාරි , දෙස් විදෙස් සන්නාමයන්ගෙන් යුතු ආහාර වර්ග අඩංගු පරිශ්‍ර , කුලුබඩු සහ වැවිලි නිෂ්පාදන වර්ග ඇතුලු දේශීය නිමැවුම් මිළදී ගත හැකි පරිශ්‍ර , ATM බැංකු පහසුකම් ආදී බොහෝ පහසුකම් වලින් සමන්විත බව පැවසේ.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මුල්කොට ගෙන සෙරින් රිවර් පාර්ක් සිට වක්වැල්ල , වටරුක හා ගාල්ල දක්වා සංචාරක බෝට්ටු ප්‍රවාහන සේවයක් ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, හෝලුවාගොඩ, ඔපාත ආදී ප්‍රදේශවලට දශක ගණනාවක සිට පවතින ගංවතුර තර්ජනය පාලනය වීමත් මෙම පාරිසරික උද්‍යානය ඉදිවීම හරහා සිදු වන බව පැවසේ.

ප්‍රදේශයේ ජනතාවට මානසික සුවතාවය , ශාරීරික සුවතාවය, ගංවතුර පාලනය මෙන්ම සමාජීය ජීවිතයේ භෞතික අවශ්‍යතාවයනුත්, ව්‍යාපාර සංවර්ධනයත්, සංචාරක කර්මාන්තයේ සංවර්ධනයත්, ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනයත් ඇති වනු ඇතැයි මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...