ගාසා ජනතාවගේ කුස ගින්න අවියක් කරගෙන – යුරෝපා සංගමය චෝදනා කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ගාසා ජනතාවගේ කුස ගින්න මේ වන විට අවියක් කර ගෙන ඇති බවයි.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා නිවේදනය කරන්නේ, ගාසා තීරයට ප්‍රමාණවත් තරම් මානුෂිය ආධාර නොලැබෙන බවයි.

සයිප්‍රසයේ සිට ගාසා තීරය වෙත මානුෂිය ආධාර රැගත් නෞකාවක් පසුගිය දා පිටත්ව ගිය අතර එම ආධාර ගොඩබිම තුළ බෙදා හැරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව ඔහු පවසයි.

තවදුරටත් සඳහන් කරන්නේ , ගාසා තීරයට ඊශ්‍රායලය අඛණ්ඩව සිදුකරන ප්‍රහාරයන් හමුවේ මානුෂිය ආධාර බෙදා හැරීම සිදුකිරීමට නොහැකි වී ඇති බවයි .

මේ අතර ගාසා තීරය හමාස්වරුන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා තමා අවසන් මොහොත වන තුරු සටන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...