බයිඩන්ගේ මතකය පිලිබඳ රොබට් හර් කොන්ග්‍රසය ඉදිරියේ සාක්ෂි දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(12)දිනයේදී විශේෂ උපදේශක රොබට් හර් විසින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ දුර්වල මතකය පිලිබඳ කොන්ග්‍රසයේ සාමාජිකයින් ඉදිරියේ සාක්ෂි ලබා දුන් බව වාර්තා වේ.

හර් හවුස් අධිකරණ කමිටුවට පැවසුවේ ජනාධිපතිවරයා තම ධුර කාලයෙන් බැහැරව සිටින කාලය තුළ ජාතික ආරක්‍ෂක තොරතුරු හිතාමතාම රඳවාගෙන හෝ හෙළිදරව් කළේද යන්න තීරණය කිරීම සිය කර්තව්‍ය වූ බවත් ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මතකය සහ සමස්ත මානසික තත්ත්වය සලකා බැලීමට තමාට සිදු වූ බවත්ය.

ජනාධිපති බයිඩන්ගේ මතකය පිලිබඳ ගැටලුව, ගෙවුණු පෙබරවාරියේදී මතු වූ අතර ඊට හේතු වුයේ බයිඩන්ගේ පුත් බියුගේ මරණය හා සම්බන්ධ දිනයන් ඇතුළුව විස්තර සිහිපත් කිරීමට ජනාධිපතිවරයා පැකිළෙන බවත් 81 හැවිරිදි බයිඩන් දුර්වල මතකයක් ඇති සානුකම්පිත, යහපත් අදහස් ඇති, වයෝවෘද්ධ මිනිසෙකු ලෙස හර් විසින් විශේෂ වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

එසේ වුවද, ඔහුගේ නිගමන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් යන දෙඅංශයෙන්ම විවේචනයට ලක්ව තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...