*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජාතික ජන බලවේගය කියන ලේබලය අලවාගත්තාට ජාතික ජන බලවේගයේ අලුත් පුද්ගලයෙක් නෑ – තිස්ස අත්තනායක

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): 77ට පෙර තනි පුද්ගලයන්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණු බවත්, නමුත් දැන් එහෙම නොවන බවත්, වර්තමානයේ දේශපාලන පක්ෂවලට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට හැකියාව ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රි සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා,

“ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේ පැවැති ව්‍යාපාරික සමුළුවකදී ප්‍රකාශ කරලා තිබෙනවා. මේක බරපතළ ප්‍රකාශයක්. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ප්‍රකාශ කිරීමෙන් ලංකාවේ ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වෙනවා.  ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අවස්ථාවක කැබිනට් ඇමැතිවරයෙක් විසින් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. කැබිනට් ඇමැතිවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකිරීම බරපතළ වරදක්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිබඳව සමගි ජන බලවේගය නිල වශයෙන් තීරණයක් අරගෙන නෑ. ෆොන්සේකා පිළිබඳව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය,  පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම,  කළමනාකරණ මණ්ඩලය යන ස්ථානවලින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතුයි. නමුත් සරත් ෆොන්සේකා පිළිබඳව ඒ කිසිදු ස්ථානයක සාකච්ඡා වෙලා නෑ.

සරත් ෆොන්සේකා හැසිරෙනවා වගේ හැසිරීම් පාක්ෂිකයන් අනුමත කරන්නේ නෑ. පාක්ෂිකයන්ට ඕන මතභේද, මතවාද නැතිව දේශපාලනඥයන් රට වෙනුවෙන් වැඩ කරනවා දකින්න. පාක්ෂිකයන්ට අවශ්‍ය වෙන්නේ පක්ෂය ජයග්‍රහණය කරවන්න. තීරණාත්මක මොහොතක පක්ෂයේ සමඟිය ඉතාම වැදගත් දෙයක්.   විපක්ෂ නායකවරයා රට පුරා ගිහින් පක්ෂය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. ඔහු කරන එම කාර්යභාරය ආරක්ෂා කිරීම මහජන නියෝජිතයන්ගේ සහ පක්ෂයේ නිලධාරීන්ගේ වගකීම.

77ට පෙර තනි පුද්ගලයන්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් දැන් එහෙම නෑ. දැන් දේශපාලන පක්ෂවලට තමයි මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නේ. ජනතාව පළමුව තෝරාගන්නෙත් දේශපාලන පක්ෂය. තනි තනි පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඉදිරිපත් වෙන්නේ කණ්ඩායම් විදිහට. නමුත් කණ්ඩායම් විදිහට මැතිවරණ ජය ගන්න බැරි වෙලා තිබෙනවා. දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ජනතාවට පුළුවන්. ජනතාව නිවැරදි පුද්ගලයන් පත්කරලා, නිවැරදි දේශපාලන පක්ෂය තේරුවා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. 225ම ජනතාව අවශ්‍ය නෑ කියනවා. 225ම අවශ්‍ය නැතිනම් ජනතාවට පුළුවන් අලුත් 225ක් තෝරා ගන්න.”

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඔවුන් ජාතික ජන බලවේගය කියන ලේබලය අලවාගත්තාට ජාතික ජන බලවේගයේ අලුත් පුද්ගලයෙක් නෑ. අවුරුදු 60ක් ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ දේශපාලනය කරලා තිබෙනවා. පරණ දේශපාලන ව්‍යාපාරයක්.

ජාතික ජන බලවේගයේ ඉන්නේ පරණ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කිහිපදෙනා පමණයි.  ජාතික ජන බලවේගයේ රට කරන්න පුළුවන් කවුරුත් නෑ.  රට කරපු ඔක්කොම හොරු ජනතා විමුක්ති පෙරමුණ විතරක් පිරිසුදුයි කියලා ඔවුන්ට කියන්න බෑ. 1994දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති කරන්න. 2004 ආණ්ඩුවේ ඔවුන් ඇමැති ධුර ගත්තා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න කටයුතු කළා.

2010දී සරත් ෆොන්සේකා ජනාධිපති කරන සටනටත් සහාය දුන්නා. 2015 මෛත්‍රිපාල  සිරිසේන ජනාධිපති කරන වැඩපිළිවෙළේදීත් ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාදුන්නා. ජනතාවට ඕන වේදිකාවල විවේචනය කරන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. රට ගොඩගන්න පුළුවන් දේශපාලන පක්ෂයක්. ඒ දෙය කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට පමණයි.

 සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කිරීම ආරම්භ කරලා තිබෙනවා.  මූලික කාරණා 27ක් ඔස්සේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කරනවා.  ඒ අනුව තමයි රට ගොඩනඟන වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තිබෙන්නේ. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙන්නේ. දැනට සමගි ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ ගැන පියවර දෙකකදී එළිදක්වලා තිබෙනවා.” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan