*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

වසන්තය වසන්තා අතේ හිර වෙලා….

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 13, කොළඹ (LNW): වසන්තා පෙරේරා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට එන කොටස විශාල වශයෙන් කතා වුණා.ඇය හිටපු තැන් වගේම සපුරපු සුදුසුකම් ගැනත් ඒ අතර තිබුණා.එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියන නව්‍යතාවය අධ්‍යාපනයේ ඇති කිරීම සඳහා ඒ වෙනුවෙන් ඇය කරපු නිර්මාණශීලී යමක් දකින්න නැහැ.එහෙම දෙයක් අත්‍යවශ්‍ය වෙන තව හේතුවක් තියෙනවා.ඒ ඊට පෙර හිටපු අධ්‍යාපන ලේකම්වරයාත් කිසිම වැරද්දක් නොවෙන්න තිබුණ වැඩත් නැවත්තුවා ඇරෙන්න කරපු වැඩක් නැති නිසා.


ඔහු නවත්තපු තැන ඉදලා වැඩ පටන් ගනිද්දි වසන්ත පෙරේරා ට තියෙන්නෙ කරන්න සුළු වැඩ කොටසයි.අනිත් ඒවා අත හැර දමාපු දේවල්.මේ අත ඇරපු ගොඩේ තමයි තියෙන්නෙ ක්‍රීඩා පාසල්වලට සිසුන් බඳවා ගැනීම සඳහා වන නවත්වා දමපු වැඩ පිළිවෙලත්.


දැන් මේ පොළවෙ ක්‍රීඩාව ඉල්ලා සිටින දෙයක් තමයි නැවත පාසල් දක්ෂයන්ට මඟ පෙන්වීමක්.ඇත්තටම ක්‍රීඩා පාසල් ආකෘතිය ඇතුළෙ ඒ සංකල්පය දියුණු එකක් වුණත්,එහි ප්‍රතිපල ලැබෙන්නට අවශ්‍යය භෞතික පරිසරය ස්ථාපිත කිරීම කාලානුරූපිව සිඳුවන්නේ නැහැ.ඒ දෙන ආධාර,යටිතල පහසුකම් ආදී කාරණාවලදි ඒ සංකල්පය ගෙනෙන මොහොතේ ලැබූ ප්‍රතිපල අද ගන්නනම් ඒවා වැඩි වී තිබීම අවශ්‍යය වෙනවා.ඒත් එහෙම කරනවා වෙනුවට ඒ සංකල්ව දොරටුවම වසා දැමීමට හිටපු ලේකම්වරයා ක්‍රියා කළ අතර වසන්තා පෙරේරා ලේකම්වරිය ද වැසුණු දොර කල්පනා කරන බවක් පෙනෙන්නේ නැහැ.


ඇත්තටම මේ වැඩේ මේ පොළවට වැඩක් කරපු දෙයක් ද? ලේකම්වරිය සොයා බැලිය යුත්තේ එයයි.ආසන්නම උදාහරණය හැටියට තරුශි කරුණාරත්නව ගන්න පුළුවන්.ඇය ක්‍රීඩා පාසල් සංකල්පය නොවෙන්නට සුසන්ත ප්‍රනාන්දු හෝ වලල සිය ජීවිතයට සමීප කර නොගන්න තිබුණා.මේ කතාවට වලල හරහා උදාහරණ දුසිමක් විතර ගේන්න තිබුණා.නමුත් ක්‍රිඩා පාසල්වල ප්‍රගතිය ගැන කියද්දි මේවා පෙන්නන්නඅමාත්‍යංශය සතුව තියෙනවද දන්නෙ නැහැ.දික්වැල්ල විජිතය හරහා මහා උස පැනීමේ විප්ලවයක් කළ මංජුල කුමාරගේ ඉදලා මේ කතාව දිගය ඉස්සරහට ගේන්න පුළුවන්.ඊට පස්සෙ අද ඉන්න ඉදිරි පෙළේ තරුණ පුහුණුකරුවෝ දක්වාමත් මේ කාරණය වැදගත්.


මේ තත්ත්වය ගැන හොඳම උදාහරණය හැටියට අසංක රාජකරුණා සහ අරුණ දර්ශන සම්බන්ධය ගන්න පුළුවන්.අසංක වලල නිර්මාණයක්.ඊට පස්සෙ අසංක හදන අරුණ දර්ශන අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ නිශ්පාදනයක්.එහෙම පුහුණුකරුවන් විද්‍යා පීට හරහා පැමිණීමත් මේ පාසල් හරහාම සිඳු වෙමින් තිබෙන විප්ලවයක්.උදාහරණයකට අද ජාතික මට්ටමේ පුහුණුකරුවෙක් යටතේ ජාත්‍යන්තර මට්ටසේ තරගවලට සහභාගි වන ටී.ඩබ්ලිව්.රත්නපාල වැනි ආදි වාසි ක්‍රීඩකයෙක් මුලින්ම ක්‍රිඩා කේෂ්ත්‍රය හඳුනාගන්නෙ දකුණු හෙනානිගල කණිෂ්ඨය හරහා යි.ඔහුව හඳුන්වා දෙන්න මුල්වන පුහුණුකාරිය චාන්දනී රොඩුපැළන්දයි.ඇයත් ක්‍රීඩා පාසලක විර්මාණයක්.


මේ සංකල්පය පොළවෙ හැදුණ මනුස්සෙක් හැටියට වැඩ කරලා ලැබූ දැණුම පාදක කරගෙන ඇති කරන දෙයක්.ඒ සුනිල් ජයවිර.ඔහු තමයි මේ යැඩේ ප්‍රායෝගික පල වැඩිපුරම ලබා දෙන්න මුල් වූ පුද්ගලයා.ඔහු අධ්‍යාපනඥයෙක් නෙමෙයි.විවිධ රටවල ලංකාවෙ විශ්ව විද්‍යාලවල උපාධි ගොන්නක් තිබුණ මනුස්සෙක් නෙමෙයි.හැබැයි නිර්මාණශීලීයි.


එහෙම අලුතින් හිතන මිනිස්සු දෙයක් වෙනස් කරන්න අවශ්‍යය වෙනවා වගේම වෙනස් කරපු දේවල් නවත්තන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තු මිනිස්සුන්ට බුද්ධිය නැහැ.ක්‍රීඩා පාසල් නැවතීමට හියපු ලේකම්වරයා ගත්තු තීරණය ගැන කියන්න තියෙන්නෙ ඒක.දැන් සමහර විට මේ නවත්තපු දේ ආයෙ මුලක ඉදලා අලුත් තත්ත්වයන්ට අනුව ආරම්භ කරන්න වත්මන් ලේකම්වරිය සසැලෙනවා ඇති.
ඒ වගෙම මහ බැංකුව මේ වෙලාවේ සමස්ත පොළන මත මෙවැනි වැඩ ඇන හිටලා රටේ බොහෝ දේවල් නැවතිලා තියෙන මොහොතක,විශාල මුදලක් තමන්ට වෙන් කර ගැනීම සුදුසුද?මහ බැංකුවෙ හැම වෘත්තීය සමිතියක්ම තියෙනවා.ඒ වෘත්තීය සමිති මේ පොළවෙ තියෙන පක්ෂවල අතු රිකිලි.හැබැයි කවුරුත් මේ වෙලාවෙ රටේ ගොඩක් දේවල් නැවතිලා තියෙද්දි අපිට මේක එපා.නැවතිලා තියෙන දේවල් ටිකත් පටන් ගන්න බලමු.අපිත් මේ දුක බෙදාගෙන ඉන්නම් කියන කතාව කිව්වෙ නැහැ.දේශපාලන වේදිකාවල කතා කරාට ඒ දේශපාලන පක්ෂවල වෘත්තීට සමිති නිහඬයි.


ඒ නිසා මේ කාරණය නිලධාරියාට තේරෙන්නම ඔිනි.සමහර වෙලාවට දරුවෙක්ට තියෙන්නෙ හයිය සහ වේගය,දරා ගැනීම වගේ සුවිශේෂී කාරණා ටිකක් වෙන්න පුළුවන්.අධ්‍යාපනය මේ තරගකාරී සමාජ රටාව ඇතුලේ නඩත්තු කරන්න විදිහක් නොතිබෙනවා වෙන්න පුළුවන්.ඒක නිසා සාමාන්‍ය ජාතික ක්‍රිඩා පාසලකට ඔහු හෝ ඇය ඇතුළත් වුණාම පොඩි පාසලකට වැඩිය ඉහළ භෞතික පරිසරයක දැණුම ළබා ගැනීමේ ඉඩත් විශාල වෙනවා.ඔහුගේ හැකියාවට ඉදිරියට යන්න පාරක් හැදෙනවා.විදඨා පීට නොගියත් ඔවුන්ගේ දක්ෂතා හරහා අඩුම තරමේ පුහුණුකරුවෙක් වෙන්න,වෙනත් ආකාරයක ක්‍රීඩාව සම්බන්ධ වෘත්තියකට යොමු වෙන්න වගෙ කාරණා ටිකක් නිර්මාණය වෙන්න පුළුවන්.


ඒ නිසා වසන්ත නෝනා රණසිංහ මහත්තයා වසා දැමූ පාසල් ක්‍රිඩාවේ වසන්තයේ දොර අඟුළු එසේම තිබෙන්න අරිනවාද? එහෙමත් නැත්නම් මේ රටේ ක්‍රිඩාවේ අභිවෘද්ධියට සහ අනාගතයට වැදගත් වෙන ක්‍රීඩා පාසල් සංස්කෘතිය ක්‍රීඩාවට වඩාත් පලදායී විදිහට නැවත විවෘත කරනවාද?
වසන්තය වසන්තා අතේ. අපි බලා සිටිනවා ඇය කුමක් කරනු ඇද්ද කියා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan