එක්සත් ජනපදයේ බලශක්ති මිල ගණන් වලට බලපෑම් කිරීමට කටාර් රාජ්‍ය කටයුතු කරන බවට ඊශ්‍රායල චෝදනා කටාර් ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදයේ බලශක්ති මිල ගණන් වලට බලපෑම් කිරීම සඳහා ද්‍රව ස්වාභාවික වායු (LNG) නිෂ්පාදනය නතර කළ බවට ඊශ්‍රායල මාධ්‍යවල ඇතැම් ප්‍රකාශ කටාර් ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි චෝදනා කටාර් සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සම්බන්ධතා පලුදු කිරීමේ උත්සහයක් බවට සඳහන් කර ඇත.

අගමැති නෙතන්යාහුගේ නිල නොවන කටහඬවල් කලාපය පුරා තවදුරටත් ආතතිය හා බෙදීම වැපිරීම සඳහා මෙම ගෝලීය අස්ථාවර කාල පරිච්ඡේදය ගසාකෑමට උත්සාහ කිරීම පුදුමයක් නොවන බව කියමින් කටාර්හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, දේශපාලන හෝ ආර්ථික වාසිවලට වඩා ජනතාවගේ ආරක්ෂාවට කටාර් සැමවිටම ප්‍රමුඛත්වය දෙන බවයි.

ලෝකයේ ද්‍රව ස්වාභාවික වායු වලින් සියයට 20ක් සපයන LNG ඉරාන ඩ්‍රෝන් ප්‍රහාරයකින් සිදුවූ හානි හේතුවෙන් පසු පසුගිය සතියේ කටාර් බලශක්තිය ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය මෙවන් විට අත්හිටුවා ඇත.