ආසියානු කුසලාන චීන-තායිවාන පාපන්දු ගැටුමේ උණුසුම!

රෂිකා හෙන්නායක මාර්තු 13,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කාන්තා ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ චීනය සහ තායිවානය අතර පැවැත්වෙන තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගය ඉතා තියුනු මුහුණුවරක් ගනීවි යැයි වෙදෙස් විචාරකයන් පවසති.

චීන පුහුණුකරු සිය ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලනික වශයෙන් සංවේදී මෙම තරගයේදී ඉතා සන්සුන්ව සහ විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කරන ලෙසයි.

දෙරට අතර පවතින භූ දේශපාලනික නොසන්සුන්තාවය හේතුවෙන් ක්‍රීඩා පිටිය තුළ ද යම් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, තායිවානය මෙහිදී “චීන තායිපේ” යන නාමයෙන් තරග වදී.

ජයග්‍රාහී කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යාමට මෙන්ම 2027 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමටද මෙම තරගය ඉතා වැදගත් වේ.

දෙපාර්ශ්වයේම පුහුණුකරුවන් තම උපක්‍රම සහ ක්‍රීඩක දක්ෂතා කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණාත්මක ගැටුමට සූදානම් වන බව වාර්තා වෙ.