පසුගිය වසරක පමන කාලයක සිට ශිෂ්‍ය අරගල වඩාත් තීවුර ලෙස කරළියට පැමිණි සමාජ දේශපාලන පසුබිමක් අපි දුටුවෙමු. මෙහිදී එකී තීවුර ශිෂ්‍ය අරගලවල ආවේශයන්, ගතිකයන් සහ විබවයන් පිළිඹඳව යම් විශ්ලේෂණයක් කිරීමට මේ ලිපියෙන් මම අදහස් කරමි.
උක්ත රැඩිකල් ශිෂ්‍යයන් යනු වයස අවුරුදු විසිගනන්වල මුල බාගය ගෙවා දමමින් සිටින, පවුල් වගකීම් නැති සහ ජීවිතයේ අනන්‍යතාවය සොයමින් සිටින රැඩිකල් වයසක පසුවෙන දරුවන් පිරිසකි.
එසේම මේ ශිෂ්‍යයන් යනු ඔවුන් එතෙක් සිටි පවුල් සංස්ථාවෙන් බිඳුනු නමුත් නව පවුල් සංස්ථාවක් තාමත් නිර්මාණය කර නොගත් ගන්ධබ්බ වයසේ පසුවෙන්නෝය. මෙහිදී ගද්ධබ්බ වයස යනුවෙන් මා අදහස් කරන්නේ පූර්ව කුටුම්බයෙන් මිදී නව කුටුම්බයක් වෙනුවෙන් සිහින මවන කාලයයි. බොහෝවිට මොවුන්ගේ මේ රැඩිකල් ප්‍රචන්ඩත්වයේ පදනම වන්නේද එකී සිහින බිඳවැටීම තුලින් මතුවෙන අපේෂා බංගත්වයේ වෛරයයි.
යුගයේ නිශ්පාදන ක්‍රියාවලියට කිසිසේත්ම නොපෑහෙන සහ එකතැන පල්වූ විෂය නිර්දේශයකට ජීවිතයේ වසර විසිහතරක පමණ ආයු කාලයක් කා දමා අවසානයේ නැවත අරගලය කොට රජයේ කුමණ හෝ රැකියාවක එල්ලෙනු විනා විකල්ප නැති අපේක්ෂා බංගත්වයකට ජීවිතය ඇද වැටීම මේ ශිෂ්‍ය රැඩිකල් බාවයේ විෂයමූල පදනමයි. විශේෂයෙන්ම කලා පීඨවල සිසුන් පාඨමාලාව නිම කිරීමෙන් පසු අපේක්ෂිත අනාගතය නොලැබීමේ ආතතිය විසින්ද ඔවුන් මෙවන් රංචු ප්‍රචන්ඩත්වයකට පොලඹවාලනු ලබයි.
මේ පසුබිම තුල ඔවුන් සිටින්නේ අනාගත අපේක්ෂා බිඳවැටීමෙන් ලද කලකිරීමෙනි, අනෙක් පැත්තෙන් ඒවනවිට ඔවුන්ට දෙමාපිය කුටුම්බ ජීවිතය සමඟ යාවජීව සම්බන්ද කමක්ද නැත, මේ පසුබිම නිසාම ස්ටාලින්වාදී ව්‍යාපාර තමන්ගේ කාඩර්වරු හා රැඩිකල් බලඇණි නිර්මාණය කර ගන්නේ මේ ශිෂ්‍යයන් උපයෝගී කරගෙනය. හේතුව මේ ශිෂ්‍ය වයසේ ඇති වගකීම් විරහිතබව සහ අනන්‍යතා අර්බූදය පෙර කී රැඩිකල් වීර දේශපාලනය සමඟ මනාව පෑහෙන හෙයින්. ඒ අනුව මේ ශිෂ්‍යයන් තුලින් උක්ත වාම සංවිධාන වලට අවශ්‍ය රොමෑන්ටික් වීරයන් පහසුවෙන්ම තනාගත හැකිය.
මේ තත්වය තුල චිරාත්කාලයක සිටම ශිෂ්‍ය දේශපාලනය මෙහෙය වමින් සිටින්නේ මෙකී ස්ටාලින්වාදී ව්‍යාපාර විසිනි. නමුත් කවර කලෙකවත් මේ ශිෂ්‍ය දේශපාලන අවකාශය තුල ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර ක්‍රියාත්මක වී නැති අතර ඒ සඳහා කිසිදු ඉඩක්ද ලැබී නැත.
මෙහිදී එකී තත්වයට වෛශයික හේතුව ලෙස අපට වටහා ගැනීමට වන්නේද ලාංකීය සරසවි ශිෂ්‍යයා සිටින බංකොලොත් සහ කෘර කටුක ආර්ථික දේශපාලන පසුබිමයි.
රැග් කිරීම්, ජේශ්ඨ උත්තම ගෝත්‍ර බූමිකාවන් මේ සියල්ල පෙරක් කී ස්ටාලින්වාදී දේශපාලන අබාෂය තුලම ප්‍රජාතන්ත්‍රවාදය පිටුදැකීම සඳහා වර්ධනය කරන ලද සවිඥ්ඥානික විෂමාචාරයන් වන අතර සරසවි බිම තුල පැවති කටෝර සමජ ආර්ථික පසුබිම තුල ඒවා ඉතා සරුවට වැඩින.
මෙහිදී බොහෝ විට සිදුවූයේද සිදුවන්නේද මේ ශිෂ්‍ය ප්‍රජාව ස්ටාලින්වාදී ව්‍යාපාරවල ඉත්තන් වීමය. මෙතනදි මේ ස්ටාලින්වාදී ව්‍යාපාර සතුව ඇති එකම හා ලොකුම බලවේගය ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් වූවිට ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරය රෑ දවල් දෙකේ අධම ලෙස පාවිච්චියට ගනී. ඇතැම්විට ශිෂයන්ට සිරගත වීමට අවශ්‍ය පසුබිම ශිෂ්‍යයන්ටම නිර්මාණය කරගන්නා ලෙස ස්ටාලින්වාදී නායකයන්ගෙන් ශිෂ්‍යයන්ට උපදෙස් ලැබෙයි. හේතුව ශිෂ්‍යයන් සිරගත වූ විට එයද දේශපාලන ආයෝජනයක් ලෙසින් ඔවුන්ට බාවිතාකල හැකි වන බැවිනි.
මේ ශිෂ්‍ය අරගල පුරාම බැරියර් පෙරලීම් සහ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ඉල්ලං කන සරළ කාලගෝට්ටි ක්‍රියාවලීන් මිස කිසිම දියුණු දේශපාලන කියවීමක් ශිෂ්‍යයන් හරහා කිසිදා එළිදැක්වෙන්නේද නැත. ශිෂ්‍යයන් හා කඳුළු ගෑස් යන දෙක කෙතරම් දැන් අන්තර් සම්බන්දිත දැයි කියතොත් කඳුළු ගෑස් මතකයට නැගුන සැනින් ඊළඟට අපගේ සිහියට එන දෙය ශිෂ්‍යයින්ය.
ස්වකීය දේශපාලන මතය සමස්ථ සමාජයම වසාගත යුතුය යන්න ස්ටාලින්වාදයේ මූලික දේශපාලන හරයයි. ස්වාධීන පුරවැසි ක්‍රියාකාරකම් සඳහා ඇති අවකාශය තමන්ගේ පමණක් ඒකාධිකාරී පාවිච්චියට යටත්කල යුතුයැයි ඔවුන් සිතයි. සමාජයක තිබිය යුතු බහුතර මත ඔවුන් නොඉවසන්නේ එබැවිනි.
ස්ටාලින්වාදය යනු ස්වෝත්තම වාදයකි. ඔවුන්ට අනුව ඔවුන් නියෝජනය කරන්නේ යහපතේ තනි නිෂේධනයයි, එබැවින් පිටත ඇති ප්‍රතිවාදී මත විනාශකර දැමීමේ වගකීම ඉතිහාසය විසින් ඔවුන්ට පවරා දී ඇත. ඇත්තෙන්ම මෙය ඒකාධිපති වාදයකි. වෙනත් නම් වලින් පෙනී සිටියද ස්ටාලින්වාදය යනු අමු ෆැසිස්ට්වාදයමය.
ස්ටාලින්වාදී දේශපාලනය යනු ඉහල සිට ගලාගෙන එන නියෝග වැලකි, ඔවුන්ට අනුව තනි තනි ස්වායක්ත මත සහ විවේචන විචාර යනු අනවශ්‍ය නිදහස් වාදයන්ය. අවශ්‍ය වන්නේ ඉහලින් එන පිවිතුරු නියෝග ක්‍රියාත්මක කරන ඊනියා බාවිතාව පමණි. එවන් සන්ධර්බයක් තුල සදා එකතැන කැරකෙන බැරියර් පෙරලිල්ලක් මිසක ඉන් එහාට යන අධ්‍යයනයක් හෝ හැදෑරීමක් සිදු නොවේ.
ස්ටාලින්වාදයේ උප්පත්ති දෝෂය වන්නේ එයට වෙනත් මත සමඟ අවංක සංවාදයක් කර ගැනීමට නොහැකි වීමයි. ඔවුන්ට අන් මත සමඟ සම්බන්ද විය හැක්කේ පසමිතුරු විවාදයක් හරහා සහ දෘඩ සංග්‍රාමයක් හරහා පමණි.
බොහෝවිට මේ ස්ටාලින්වාදයේ ගොදුරු බවට පත්වූ ශිෂ්‍යයන් තුලින් විද්‍යාමාන වන “කපා කපා කෑලි කපා” ලේ හැළුනත් පාර දිගේ” සටන්පාඨ වලින් පවා පිළිඹිබු ව්න්නේ ස්ටාලින්වාදයේ මෙකී ම්ලේච්ඡ නොසරුප් උරුමයයි. අවසාන වශයෙන් පැවසිය හැක්කේ ලාංකීය අවවර්ධිත විකෘති ධනවාදයේ ගොදුරක් බවට පත්වූ ශිෂ්‍ය ප්‍රජාව ස්ටාලින්වාදී ව්‍යාපාර වල උගුලේ පැටලී එහිද ගොදුරක් බව්ට පත්වී ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේ අවාසනාවන්ත ඉරණමකට ඇද වැටී ඇති බව පමණි.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN