රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩාව තහනමට බ්‍රිතාන්‍ය අනුග්‍රාහකයන්ගේ අනුග්‍රහය ඉල්ලයි

Date:

බ්‍රිතාන්‍ය සංස්කෘතික ලේකම් ලුසී ෆ්‍රෙසර් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලපියක් ලියමින් ඉල්ලා සිටින්නේ රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් දිගටම තහනමක් පැනවීමට සහාය දෙන ලෙසය.එම ලිපිය ජාත්‍යන්තර ඔලිම්පික් ඉසව් සමඟ බැඳී සිටින ඉහළම අනුග්‍රාහකයන් වෙත ද යොමු කිරීමට ලුසි කටයුතු කර ඇත.
ඒ අනුව Airbnb, Alibaba, Allianz, Atos, Bridgestone, Coca-Cola, Deloitte, Intel, Omega SA, Proctor and Gamble, Samsung, Toyota සහ Visa යන සමාගම් සියල්ලම දැනුවත් කිරිමට සංස්කාතික ලේකම්වරිය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යොමු කර ඇති ලිපියේ පිටපත් ඔවුන් වෙත යොමු කර ඇත.

මේ වන විට රුසියාවට සහ බෙලරුසියාවට එරෙහිව යුක්රේනයට කරන ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව එක්ව සිටින ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එම රටවල්වල ක්‍රීඩාව සම්බන්ධයෙන් ගනු බව කියන මැදහත් බව ප්‍රශ්න කරමින් සිට්න්නේය.ඇතැම් රටවල් පෙන්වා දෙන්නේ ක්‍රීඩාවේ නියැලෙන්නන් යුක්රේනයට ම්ලේච්ඡ ප්‍රහාරයන් එල්ල කරනු ලබන හමුදාවන් හී සාමාජිකයන් බවය.එසේම එම ප්‍රහාරයන්ට වගකිව යුතු පුරවැසියන් සේ එරෙහි නොවී නිහඬව සිටීමෙන් ක්‍රීඩකයින්ද තම රටවල ක්‍රියාවන්ට අනුබල දෙන බව පෙන්වා දෙන පිරිස් එම නිසා රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩකයින්ට ඔලිම්පික් තරගාවලිය තහනම් කළ යුතු බව පෙන්වා දෙයි.
එසේම 2024 ඔලිම්පික් උළෙල පැවත්වෙන පැරිසීයේ නගරාධිපතිණිය ඈන් හිඩාල්ගෝ ද රුසියානු සහ බෙලරුසියානු සහභාගීත්වය පිළිකුලෙන් හෙලා දකින තත්ත්වයක් තුළ,ජාත්‍යන්තර ඔලිම්පික් තරග අනුග්‍රහයේදී ඉදිරියෙන්ම සිටින ආයතන අමතමින් බ්‍රිතාන්‍යය හරහා ඉදිරිපත් වන ඉල්ලීම,රුසියාවට සහ බෙලරුසියාවට පමණක් නොව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටද විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි සිතිය හැකිය.බ්‍රිතාන්‍ය සංස්කෘතික ලෙකම් ලුසී ෆ්‍රෙෂර්ගේ නායකත්වයෙන් රටවල් 35 ක් එක්ව පැවති ජාත්‍යන්තර සමුළුවකදී, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා “මධ්‍යස්ථභාවය” පිළිබඳ නිර්වචනය පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ද IOC ට බල කරන ලදී.
ඡායාරූපයේ සිටින්නී බ්‍රිතාන්‍ය සංස්කෘතික ලේකම් ලුසී ෆ්‍රෙෂර් ය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...